නාමල් රාජපක්ෂට මරණ තර්ජන ?

0
91

”උඹ පරිස්සම් වෙයන්, හාමුදුරුවන්ගේ නඩුව වගේ අනවශ්‍ය නඩු වලට පෙනී ඉන්නවානම් අපි උඹටයි මංජුල පතිරාජටයි මිනී පෙට්ටි දෙකක් ලෑස්ති කරලායි තියෙන්නේ. උඹ කැමති නම් මිනී පෙට්ටි දෙක උඹට අතගාල බලන්න දෙන්නත් පුළුවන්. මේ ගැන තීරණයක් ගන්න අපි උඹට සති දෙකක් කල් දෙනවා” යි පැවසූ මැරයන් දෙදෙනා පැමිණි මෝටර් සයිකලයටම නැගී පවනට බඳු වේගයෙන් පිටව ගොස් තිබේ.
මැරයන් විසින් මෙසේ පවසා ඇත්තේ නිතිඥ එකමුතුවේ නිතිඥ නාමල් රාජපක්ෂ වෙතය.ඒ කැළණියේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත පැමිණය.
නිතිඥ නාමල් රාජපක්ෂ සහ නිතිඥ මංජුල පතිරාජ යනු පසුගිය කාලය තුල මෙරට තුල පැන නැගි ප්‍රගතිශිලි සටන් ගණනාවකදි මෙන්ම ජනතා ප්‍රශ්ණ වලදි ජනතාවගේ සහ සිවිල් ක්‍රියාධරයන් වෙනුවෙන් පෙනි නිර්භිත නිතිඥයන් දෙපලකි.
2014 අගෝස්තු 04 වනදා මරදාන සාමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති උතුරේ අතුරුදහන්වුවන්ගේ දෙමව්පියන්ගේ රැස්විමට කඩාවැදුන ජාතිවාදි භික්ෂුන්ට එරෙහිව පොලිසි යාමට පෙරමුණ ගත්තේද ඔවුන්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිඥ නාමල් රාජපක්ෂ විසින් පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබේ.