නාවික හමුදාපතිගේ පාර විතරක් හදපු නගරාධිපති??

0
119

කටුනායක සිදුව නගර සභාවේ නගරාධිපති ලලන්ත මහතා තමන් ඉල්ලු පළමු මැතිවරණයෙන්ම ඔසවා තබනු ලැබුවේ නගරාධිපතිධුරය වෙතය.ඒ ඔහු ජිවත්වන කටුනායක ජනතාව ඔහු කෙරේ තැබු විශ්වාසය නිසාය.
එහෙත් මේ වෙනුවෙන්  පෙරළා කිසිදු සැලකිය යුතු සහනයක් ඒ ජනතාව වෙත ලබාදෙන්නට ලලන්ත මහතා අපොහොසත් විය.
මේ ඒ ගැන එක් සටහනක් පමණි.
කටුනායක ඔහුගේ නිවස සමිපයෙන්ම පටන්ගැනෙන ගමමැද පාර යනු විශාල ජනතාවක් දිනපතා යනෙන මගකි. එහෙත් මේ  පාරේ බොහෝ තැන් වලවල ඇත්තේ වලවල්ය.මේ සියළු වලවල් මැද වුවත් මේ පාරේ ජනතාවට ආඩම්බර වන්නට කරුණක් ඇත..එනම් නාවික හමුදාපතිවරයාගේ නිවස පිහිටියේද මේ පාරේ එක් කෙලවරක් ආසන්නයේය.
මේ නිසා නගරාධිපතිවරයා කළේ ගමැද පාරේ ඒ කෙලවරේ සිට නාවික හමුදාපතිවරයාගේ නිවස තෙක් පාර හැදිමය.
අනේ ලලන්ත ඉතුරු ටිකට මොකද වෙන්නේ
එස්.ඒ්.එම්.ප්‍රනාන්දු
කටුනායකroad 1road 2road 4