නාවික හමුදාවටත් මුහුදේදි වෙට්ටු දාපු මීගමුවේ පෝඩු දැල්කාරයෝ ?

0
46

1පෝඩු දැල් ක්‍රමය යනු කුඩා යාන්ත්‍රික බෝට්ටු උපයෝගිකරගෙන වෙරළ තිරයෙන් මිටර් 500 ක් පමණ දුරකින් සිදුකරනු ලබන රැකියා ක්‍රමයකි.
මාළු කැටයක් දුටු විගස ඒ වටේම ක්ෂණයකින් දැල වටකරනු ලබන අතර ඉන්පසු අශ්ව බල 40 ක් ඉන්ජිමක් සහිත බෝට්ටුව වේගයෙන් වටකැරකෙමින් මාළු රෑන දැලට කොටු කරගැනිම සදහා ක්‍රියාත්මක වේ.
මේ හේතුව නිසා මුහුදු පතුල කැළඹි මාළු පෝඩු දැලේ ඇති මඩියේ හිරවෙති.
මේ ආකාරයෙන් එක්වරක විශාල කිලෝ ප්‍රමාණයක් අල්ලා ගැනිමට මේ දැල් පන්න ක්‍රමය ක්‍රියාත්මක කරන ධිවරයන් හට හැකියාව ලැබෙනු ඇත.
මේ රැකියාව සදහා කුඩා යාන්ත්‍රික බෝට්ටුවක 4 දෙනෙකු යති.
මේහි ඇති විනාශකාරි ක්‍රමය නිසා පසුගිය 15 වෙනිදා මීගමුව ධිවර කාර්යාලයට රැස්වු නාවික හමුදාව පොලිසියද එක්ව තින්දු ගනු ලැබුවේ මුහුදේ මේ රැකියාව කරනු ලබන අය දුටු විගස අත්අඩංගුවට ගැනිම සදහා නාවික හමුදාව වහා පියවර ගන්නා බව කියමිනි.
මේ අවස්ථාව සදහා පෝඩු දැල් ක්‍රමය හේතුවෙන් පිඩාවට පත්වන ධිවරයන්ගේ සමිති වල ප්‍රධානින් මෙන්ම ප්‍රදේශයේ පියතුමන්ලාද පැමිණ සිටියහ.
තතු එසේවුවද පෝඩු දැල් රැකියාකරුවන් මේ තින්දුව පයිසයකට ගනන් නොගනිමින් දිගටම රැකියාව කරති.
ධීවරය බලධාරින්ද නිහඩය.
ලෝකයේම දරුණුම ත්‍රස්තවාදි සංවිධානයක් හා මුහුදෙදි කරට කර සටනක නියැලුන නාවික හමුදාවද පෝඩුදැල්කාරයන් හමුවේ නිහඩය.
අප්‍රේල 08 වෙනිදා සවස පළගතුර වෙරළතිරයට ගිය මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදින් පිරිසකට මෙසේ පෝඩු දැල් රැකියාව කරුන ලබන ධිවරයන්ගේ ඡායාරුප ගතකරගැනිමට හැකියාව ලැබුන අතර ඒ පිළිබදව මීගමුව ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතාගෙන් ද විමසා සිටියේ ධිවර කාර්යාලයේ තින්දුවට පටහැනිව ක්‍රියාත්මක පෝඩු දැල්කරුවන් අත්අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙනි.
එයට වැඩපිලිවෙලක් ඇතැයි බණ්ඩාර මහතා කියා සිටියද කිසිදු ක්‍රියාත්මක විමක් සිදුකරනු නොලැබුණි.
දැතේ වීරියෙන් සිය රැකියාවේ යෙදෙන සාම්ප්‍රදායික රැකියා කරුවන්ගේ ජිවනෝපායට වින කරන මේ විනාශකාරි පන්න ක්‍රමය නවතා ලන්නට ධීවරය කාර්යාලය ක්‍රියාත්මක නොවන්නේ නම් සිදුවනු ඇත්තේ මේ කලාපයේ රැකියාකරුවන් අතර සාමය බිදවැටෙන තත්වයක් ඇතිවිමය.
එයට පැහැදිලිව වගකිවයුතුව ඇත්තේ ධිවර බලධාරින් ඇතුළු නාවික හමුදාව බව ඉතා පැහැදිලිය.