නාවික හමුදාව වසංගතයට බියවීමෙන් ඉන්දීය ධීවරයන්ට වාසි

0
66
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
වසංගත සමයේ  ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට උතුරු  මුහුදු සීමාවට ඇතුල් වීම

වළක්වන්නට බලධාරීන්   අපොහොසත් වීමෙන් උතුරේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී තිබේ.

උතුරු මුහුදේ ඉන්දීය බෝට්ටු වැඩි වීමට හේතුවක් ලෙස ධීවර සංගම් ගෙනහැර දක්වන්නේ කොරෝනා ආසාදනයට බියේ නාවික හමුදාව අසල්වැසි රටේ ධීවර යාත්‍රා අත් අඩංගුවට ගැනීමට මැලි කමක් දැක්වීමයි.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් වෙත පෙත්සමක් භාර දෙමින් මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ සභාපති එල්. ජුඩ් නික්සන් අවධාරණය කර ඇත්තේ ඉන්දිය ධීවර යාත්‍රා උතුරේ මුහුදේ මත්‍ස්‍ය සම්පත සුරා කෑමකට ලක් කරන බවයි.

ewtropfo

මුලතිව් දිස්ත්‍රික් ලේකම් වෙත පෙත්සමක් භාර දෙමින් මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ සභාපති එල්. ජුඩ් නික්සන් අවධාරණය කර ඇත්තේ ඉන්දිය ධීවර යාත්‍රා උතුරේ මුහුදේ මත්‍ස්‍ය සම්පත සුරා කෑමකට ලක් කරන බවයි.

 

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 500 ක් 

සංගමයේ භාණ්ඩාගාරික ඒ. ෂන්මුගලිංගම් සමග නොවැම්බර් 10 දින දිස්ත්‍රික් ලේකම් වෙත භාර දුන්  පෙත්සම මගින් ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් මුහුදු ප්‍රදේශයේ සිට මාතලන් සහ කොකිලායි මුහුදු සීමාව දක්වා ප්‍රදේශය ඉන්දීය ධීවර යාත්‍රා ආක්‍රමණය කර ඇති බවයි.

එම ප්‍රදේශය පුරා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 500 ක් පමණ දැක ගත හැකි බව ධීවර සංගම් නායකයා අවධාරණය කරයි.

ධීවර ප්‍රජාව මුහුණ දී සිටින තත්වය පැහැදිලි කිරීම සදහා මාධ්‍ය හමුවක්ද කැඳවමින් මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමය අවධාරණය කර ඇත්තේ ඉන්දීය ධීවරයන් කුඩා මසුන් මෙන්ම මත්ස්‍ය බිත්තර පවා විනාශ කරන බවයි.

”ධීවර ප්‍රජාව මුහුණ දී සිටින තත්වය පැහැදිලි කිරීම සදහා මාධ්‍ය හමුවක්ද කැඳවමින් මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමය අවධාරණය කර ඇත්තේ ඉන්දීය ධීවරයන් කුඩා මසුන් මෙන්ම මත්ස්‍ය බිත්තර පවා විනාශ කරන බවයි.”

වගකිව යුතු බලධාරීන් රාජකාරිය පැහැරහැරීම නිසා උතුරේ ධීවර ප්‍රජාවට මෙවන් ඉරණමක් අත්ව ඇති බව පෙන්වා දෙන ධීවර සංගම් නායකයා පවසන්නේ, මේ හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර පවුල් 5000 ක් පමණ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවයි.

නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි යන මාස ඉස්සන් අස්වැන්න වැඩි වශයෙන් පවතින කාල සීවාව වුවත් එම අස්වැන්න ඉන්දීය ධීවරයන් අත්ට පත් වන ආකාරයන් වෘත්තිය සමිති නායකයා මාධ්‍ය හමුවේදී පැහැදිලි කර තිබේ.

එම තත්වය සම්බන්ධයෙන් සහකාර ධීවර අධ්‍යක්ෂ මෙන්ම ධීවර අමාත්‍යාශයේ ලේකම් දැනුවත් කර ඇතත් තවමත් ගැටලුවට නිසි විසදුම් ලැබී නැති බවට ධීවර සංගම් නායකයා චෝදනා කර ඇත.
theleader.lk