නාවික හමුදා ඔත්තුසේවා සෙබලකුගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන

0
82

ශ්‍රිලංකාවේ ප්‍රකට මාධ්‍්‍ය ආයතනයක සේවය කරනු ලබන  මාධ්‍යවේදියෙක් විසින් නොවැ 02 වනදා රාත්‍රියේ 7.45 පමණ කොළඹ කටුනායක මාර්ගයේ ගුවන් පථයේ වැට ආසන්නයේදි නාවික හමුදා ඔත්තු සේවා සෙබලෙකුගේ තර්ජනයට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තමන්ගේ මාධ්‍ය ආයතනය විසින්  ලබාදුන් තොරතුරකට අනුව ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවිමකට ඇති සුදානමක් පිළිබදව වාර්ථා කිරිමට සුදානමින් සිටියදි එහි පැමිණ සිවිල් ඇදුමෙන් සැරසුන  නාවික හමුදා ඔත්තුසේවාවේ යැයි පැවසු පුද්ගලයෙක් තමන්ට පරුෂ වචන කියමින් තමන්ගේ රාජකාරියට බාධා කර ඉන් නොනැවති ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙකුද කැදවා තමාවත් තමාගේ මෝටර් රථයත් රැගෙන යාමට සුදානම් වු බවය.

එහෙත් ඒ අවස්ථාවට පැමිණ සිටි අනෙක් සහෝදර මාධ්‍යවේදින්ගේ විරෝධය හමුවේ එය වැලකි ගොස් තිබේ.

යුද්්‍ධයක් නැති රටක කිසිදු ආරක්ෂක ප්‍රශ්ණයක් නොමැති පසුබිමකදි පවා මාධ්‍යවේදින්ට සිය රාජකාරියේ නියැලිමට ඇති අභියෝගයන් පිළිබදව ආදාල බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බව හේ අවධාරණය කර  සිටියේය.