නාවික හමුදා කොරෝනා පොකුර අවසන් ! 906 ක් සුවය ලබා නිවෙස්වලට !

0
102

Navy 1වැලිසර නාවික හමුදා කඳවුරේ පසුගිය මැයි මාසයේ සිට පැතිර ගිය කොවිඩ්19 ආසාදිත පොකුර මේ වන විට  සම්පූර්ණයෙන්ම අවසන් වි තිබේ.

ඒ ආසාදිත නාවික හමුදාවේ සාමාජිකයින් 906 දෙදෙනාම සම්පූර්ණ සුවය ලැබීමත් සමගය

මෙරට කොවිඩ්19 ආසාදිත පොකුරු අතර නාවික හමුදාවේ පොකුර ඉතා විශාල වු අතර ඒ හෙතුවෙන් වැලිසර නාවික හමුදාවේ කඳවුර පවා වසා දැමිණ.
මේ වන විට එම කඳවුර යලි විවෘත කර තිබේ.
නාවික හමුදා පොකුරේ අවසන් ආසාදිතයින් තිදෙනා අද සුවය ලබා රෝහල් වලින් නික්ම ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර තිබුණි.
රට බරපතල අර්බුදයකට ඇද දැමු නාවික හමුදා කොරෝනා පොකුර හරහා මතුවු කරුණු රැසකි. හමුදාවක් යනු ඉතාමත් විනය ගරුකව පුරුදු පුහුණු කළ ප්‍රබලතම අංශයකි. රටේ ජනාධිපතිවරයාද  හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකි. නාවික හමුදාවට කොරෝනා වැළදිම ඇරඹෙන්නේ මැයි මාසයේ සිටය.
මෙරට පළමු කොරෝනා රෝගියා හමුව තිබුනේ මාර්තු 11 වෙනිදාය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
කොරෝනා පාලනය කිරිම සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මක ව තිබුණි විධිමත් කමක් නොමැති බව නොවේද ?
විනයගත හමුදාවක් රටේ ප්‍රබලතම කොරෝනා පොකුර බිහිකර තිබුනි. හමුදා පාලනයක් යටතේ පැවැති කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය දැන් දෙවන කොරෝනා රැල්ලක බිය සමාජය කරා ගෙන එමින් තිබේ.
මේ සියල්ල විසින් කියා සිටින්නේ විනය හදනා යැයි කියා පත්කරගත් ජනපතිගේ විනය ගරුක හමුදාවලට එය කරගත නොහැකි වුයේ මන්ද යන්නය.
ඉන් කියැවෙන්නේ විනය ගරුක රටක් ගැන කථා නිකම් නිකම් ප්‍රලාප යැයි නොවේද ?