නාවික හා ධීවර කටයුතු වලදී ප්‍රවේශම් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වයි

0
142
e7bce17ecc227e0e2d9366b2ce480f9c
අද දිනය තුලදී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75කට වැඩි වර්ෂාපතනයක්  අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇති විය හැකි බවයි  එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
බේරුවල සිට කොළඹ හරහා පුත්තලම දක්වා බස්නාහිර මුහුදු තීරයේ තද සුළං ඇති විය හැකි බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇතැම් විට පැයට කිලෝමිටර් 70ත් 80ත් අතර වේගයකින් එම ප්‍රදේශ හරහා සුළං හමා යා හැකි බැවින් නාවික හා ධීවර කටයුතුවල දී සැලකිළිමත් වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here