නැගෙනහිර කිරි ගොවි අරගලයට දින 49 යි ! සරසවි සිසුන්ද එක් වෙයි ! ආණ්ඩුව නිහඬයි !

0
374

ගවයින්ගේ තණ බිම් වෙනුවෙන් මඩකලපුව, මයිලත්තමඩු – මදවනෙයි කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව අද වන විට දින 49 ද ඉක්මවමින් තිබේ
දශක ගණනාවක් තිස්සේ මෙම කිරි ගොවින් සිය ගවයන් සදහා තණ කැමට යොදාගත් භුමිය මේ වන විට සිංහල ජනපදකරණය තුල තර්ජනයට ලක්ව තිෙබ්.

කෙසේ වෙතත් කිරි ගොවින්ගේ අරගලය දිගටම පවත්වාගෙන යමින් සිටිති. කෙසේ වෙතත් රජයට තවමත් මෙයට විසදුමක් ලබාදිමට නොහැකි වි තිබේ

මෙම කිරි ගොවින්ගේ අරගලයට එරෙහි ක්‍රියාත්මක ඇතැම් ජාතිවාදි භික්ෂුන් සහ ඇතැම් පිරිස් වලට එක නීතියක් නැගෙනහිර ගොවි ජනයාට තව නීතියක් යැයි කියමින් කිරි ගොවින් සිය විරෝධය රජයට පළකර සිටිති.

මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමන නම් වු හික්ෂුව පසුගිය කාලය තුල ජාතිවාදය අවුස්සමෙන් කිරි ගොවින් ජිවිකාව කරගෙන යාමට බාධා පමුණුවමින් චීවරයටද නිගා දෙන ලෙසින්  සේ අවස්ථා ගණනාවක්ද හැසිර තිබුණි.This image has an empty alt attribute; its file name is xcfgert4.jpg

මේ පිලිබදව නැගෙනහිර පළාතේ දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් පොලිස්පති වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු මාදවනෙයි ගව ගොවීන්ගේ විරෝධතාව අද 49 වන දිනටත් චිතණ්ඩි ප්‍රදේශයේ ක්‍රියාත්මකයි. දීර්ඝ කාලයක සිට ගොවීන් සහ ගවයින් මුහුණ දෙන අසාධාරණයට එරෙහිව යුක්තිය ඉල්ලා මෙම අරගලය සිදුවෙමින් පවතී.
ඊට ශක්තියක් එක් කරමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල දෙමළ සිසුන් අද විරෝධතාවයට සහය පළ කළ අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින තෘණ ඉඩම් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන ලදී.

FB IMG 1698922910316FB IMG 1698922913560

FB IMG 1698922916352

අද  පෙරවරුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලය ඉදිරිපිටට රැස්වූ සිසුහු සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ද රැගෙන පෙළපාලියකින් ගොවීන්ගේ  විරෝධතාව පැවත්වෙන ස්ථානයට පැමිණ ඔවුන් සමඟ විරෝධතාවයකට එක්වූහ.

FB IMG 1698922923103

FB IMG 1698922929664

FB IMG 1698922932489

FB IMG 1698922926843

විශ්වවිද්‍යාල සිසුන්  ලෙස ජනතාවගේ නිදහස සහ ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා අඛණ්ඩව අරගලයක් දියත් කරන බවත් මෙම විරෝධතාවයට එක්ව සිටි නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුහු පවසා සිටියහ

.යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් සිරිදරන්, හිටපු මන්ත්‍රීවරුන් වන සී.යෝගේෂ්වරන්, පී.අරියනේතිරන්, එන්.ශ්‍රීනේසන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධායක ටී.සුරේෂ් යන මහත්වරු සහභාගී වී විරෝධතාවයට සහය පළ කළහ.
රුද්‍රන් – මඩකලපුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here