නැගෙනහිර මීගමුව දිසාවේ තරුණ සමිති අතර සුහද ක්‍රිකට් තරගාවලියක්

0
157

නැගෙනහිර මීගමුව දිසාවේ ක්‍රියාත්මක තරුණ සමිති වල සාමාජිකයන් අතර සුහදතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඊයේ (මැයි 31) දින කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගණයේදී සුහද ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි. ඒ සඳහා දිසාවේ ක්‍රියාත්මක බොහෝ තරුණ සමිති වල සහභාගීත්වය හිමි වී තිබණු අතර කටුනායක,කුරණ,කටුවපිටිය,බෝලවලාන,රද්දොළුගම,තිඹිරිගස්කටුව,කිඹුලාපිටිය,ජයබිම යන දේවස්ථාන නියෝජනය කරමින් හා තවත් දිසාවේ දේවස්ථාන නියෝජනය කරමින් තරුණ සමිති රැසක් කණ්ඩායම් ඉදිරිපත් කර තිබුනි.

ඉතා සුහදශීලී ලෙස පැවැත්වුණු මේ තරඟාවලිය  සංවිධානයෙහිලා මූලිකත්වය ගෙන තිබුණේ නැගෙනහිර මීගමුව දිසාවේ තරුණ සමිති භාරව කටයුතු කරණ එහි ප්‍රධාන පියතුමා වන ගරු දේශාන් ලසන්ත පියතුමා විසිනි.විශාල පරිශ්‍රමයක් දරා සංවිධානය කර තිබුණු මෙම තරඟාවලිය සංඛේතාත්මකව ආරම්භ වූයේ බෝලවලාන මීසමේ ගරු තිළිණ පියතුමා එවු පන්ඳුවකට දේශාන් පියතුමා එලලකල දැවැන්ත 6 පහරත් සමඟින්ය.

ඉන් පසුව තරුණ සමිති වලින් ඉදිරිපත්වූ කණ්ඩායම් අතර තරඟ ආරම්භ වූ අතර එම සෑම තරඟයකම පාහේ දක්නට ලැබුණේ ක්‍රිඩාශීලීත්වය මුසුවූ උණූසුම් සහොදරත්වයකි. කෙසේ හෝ තරගාවලිය අවසානයේදී ඉදිරිපත් වූ සියළු කණ්ඩායම් අභිබවමින් ජයග්‍රහණය හිමිකරගත්තේ තිඹිරිගස්කටුව මීසම නියොජනය කරමින් සහභාගී වු කණ්ඩායමයි. අනුශූරතාවය දිනාගත්තේ කිඹුලාපිටිය මීසම නියෝජනය කරමින් පැමිණී කණ්ඩායමයි.

ජය පැරදුම කණ්ඩායම් අතරේ කෙසේ බෙදී ගියත් අවසානයේදී තරඟාවලිය පැවැත්වීමේ අරමුණ  නම් ඉතාමත් හොඳින් මලළුල ගැන්වුණ බවක් දක්නට ලැබිණි. තරඟාවලියට සහභාගී වූ සියළුම තරුණ තරුණියන් තමන් අතර සුහදතාව වර්ධනය කරගනිමින් එකිනෙකා හා මිත්‍රශීලීව හා ක්‍රියාශීලීව තරඟාවලිය අවසන් වන තුරුම රැදී සිටිමින් ඉතාමත් විනෝදවීම විශේෂ කරුණක් විය.

ගරු දේශාන් පියතුමා තරඟාවලිය ආරම්භ කරමින්
ගරු දේශාන් පියතුමා තරඟාවලිය ආරම්භ කරමින්

 

ගරු තිළිණ පියතුමා පන්දුව යැවීමට සූදානමින්
ගරු තිළිණ පියතුමා පන්දුව යැවීමට සූදානමින්

 

8

7

5

6

champions
ශූරතාවය දිනාගත් තිඹිරිගස්කටුව කණ්ඩායම
අනුශූරතාවය දිනාගත් කිඹුලාපිටිය කණ්ඩායම
අනුශූරතාවය දිනාගත් කිඹුලාපිටිය කණ්ඩායම

 

ඡායාරූප – එනෝෂ් රොෂේන් පීරිස්.