නැගෙන රළ පරදා ගැඹුරු දියඹට

0
82

පෙබරවාරි 10 වන දින පැවැත්වීමට සූදානම් කර ඇති  බෝට්ටු තරගාවලියක් පිළිබද පූර්ව
ප්‍රචාරයක් හා මාධ්‍ය දැනුවත්කිරීමේ සාකච්ඡාවක් අද  මීගමුව වැල්ලවීදිය ජුබිලි ශාලාවේදී
ද පැවැත්විණි.
වර්තමානයේදී ධීවරයන් මුහුණ දී ඇති ආර්ථික හා සාමාජික ගැටළු
ජයගැනීම සදහා  ධිවරයන් අතර එකතමුතු කම වර්ධනය කිරීමේ අරමුනින් මෙම
බෝට්ටු තරගාවලිය සංවිධානය කරන  බව සංවිධායකයෝ පවසති.
මෙම තරගය සංවිධානය කරනු ලබන්නේ
කුඩාපාඩුව තරුණ සිමිතිය , ඒකාබද්ධ ධීවර සමිතිය හා මීගමුව සංචාරක හෝටල්
සංගමය විසිනි. අද සවස පැවති මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා වැල්ලවීදිය දේවස්ථානයේ මීසම්පාලක ගරැ ටෙරන්ස් බෝධියාබදුගේ පියතුමා සහ සහයක ක්‍රිස්ටෝපර් පියතුමා ඇතුළු තරුණ සමි
තියේ නියෝජිතයන්  සහභාගී වූහ.

බෝට්ටු තරගය
පෙබරවාරි 10 වනදා
පෙරවරු 9.00ට මීගමුව වෙරළේදී ආරම්භවේ.
මෙම තරගයේ ත්‍යාග සදහා 1 වන ත්‍යාගයට -බෝට්ටු  එන්ජිමක් ( රු 350 ,000)
2 වන ත්‍යාගයට – බෝට්ටුවක්       (2 ,00000)
3 වන ත්‍යාගය – දැල් කට්ටලයක් ( 1 00000)

සහ සැනසිලි ත්‍යාග ලෙස එන්ජින් ෆෑන් සහ සැටලයිට්  පිරිනැමේ.