ඝාතනය කර තිබු විහාරාධිපති හිමියන්ගේ දේහය ඊයේ (14) විහාරස්ථානයේ ආවාස ගෙයි කාමරයේ තිබී පොලිසිය සොයාගත්තේය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඩුබායි බලා පිටත්ව යෑමට සුදානම්ව සිටියදී සැකකාර 18 හැවිරිදි හිමිනම අත්අඩංගුවට ගත් බවයි.
සීදුව වෑත්තෑවේ විහාරස්ථානයක නායක ස්වාමීන්වහන්සේගේ මළ සිරුර උන්වහන්සේ වැඩ සිටි කාමරයේ තිබී සොයා ගත්තේ ඊයේ පස්වරුවේදිය.
එම කාමරය දෙසින් දුඟදක් හමන බවට ලද තොරතුරකට අනුව පොලිසිය කර පරීක්ෂා කිරීම්වලදී සිරුර හමුවී තිබේ.
විහාරාධිපති හිමියන්ගේ ඝාතනයෙන් පසු විහාරස්ථානයේ තිබු ඩිෆෙන්ඩර් රථය සහ සෙසු මෝටර් රථය ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ 186 ට අලෙවි කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.