නැව ගිලෙයි …වෙරළාසන්න ධිවරයන්ට අනතුරු ඇඟවිමක් …

0
119

පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්‍රාවලට ධිවර කටයුතුවලින් ඉවත් කරන ලෙස ධිවර දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට අදාළ අංශ විසින් තහවුරු කිරීම හේතුවෙන් එම දැනුම්දීම සිදුකර ඇත.

යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් මතුව ඇති බැවින් පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්‍රා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස සෙසු ප්‍රදේශවල ධීවර ජනතාව දැනුවත් කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇත.