නිදහස් අධ්‍යාපනයේ නිසි පළ නෙලාගත් පුංචි පාසලක පුංචි හපනුන්..

0
226
????????????????????????????????????

 මිග / අාඩිඅම්බලම ෙබෟද්ධ ප්‍රාථමික විදුහලේ අවුරුදු 105 පමණ වන පාසල් ඉතිහාසයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් මෙවර  ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වි වී තිඛේ. මෙම පාසලේ  ඉතිහාසයේ   ලබාගත් ඉහලම ලකුණ වන 186 මේ වසරේ ලබාගැනිම  පාසල ලබා ඇති ජයග්‍රහණයකි.  පාසලක් යනු දරුවෙක් නිසි මගට යොමු  කරන සිප්සලයි.
ඒය පාසලක් සතු වගකිමයි. ????????????????????????????????????මෙම පාසල විවිධ දුෂ්කරතා තුල අධ්‍යාපනය ලබන දරු පිරිසක් සිටින    පාසලකී.
නාගරික පාසල් තුල  පහසුකම් සහිතව අධ්‍යාපනය ලබන  ශිෂ්‍යත්ව විභාගය තරගයක් කරගත් ළමයින්ගේ නිදහස සිමා කර ටියුෂන් කඩ වලට යවා පිඩනයක් දරුවන්ට අැති කරන සමාඡයක් බිහිවෙමින් තිඛෙන යුගයක මෙම පාසෙලන් අපට ගත හැකි අාදර්ශ බෝහමයක් අැත. මෙම පාසලේ දරුවන්ගේ පසුබිම බෝහෝ දුෂ්කරතා මධ්‍යයේ  දිවි ගෙවන බව ඔවුන් හමුවීමට ගිය අපට දැනගන්නට ලැබුණි.  සමහර දරුවන්ගේ මව හෝ පියා  නැත, සමහර දරුවන්ට පැළදිම සදහා සපත්තු යුගලක්වත් ගැනිම සදහා අාර්ථික මට්ටමක් නැත.  පුංචි බෝඩින් කාමර වල සිට පැමිෙණන ළමයින් ද සිටිතී. අඩුම තරමේ උදේ අාහාරයවත් සපයා ගැනිම අපහසු ළමයින් සිටී.   ඔවුන්ගේ  උදේ අාහාරය රඡය විසින් සපයා දෙයි. ඒය ඒ දරුවන්ට මහත් සහනයකි. මෙවර ශිෂ්‍යත්වයේ මෙම පාසලෙන් ළමයින් 56ක් ඉදිරිපත් වි ඒයින් දස දෙනෙක් සමත් වූහ. හැත්පහට(75) වඩා අඩුවෙන් ගත් ළමයින් සිටින්නේ හතර දෙනෙක් පමණයි.
සමත් ළමුන්ගේ  ප්‍රථිපල සටහන මෙසෙයි.

නම                                     ලකුණු

ලින්දුලි ලිනේසා                           186  /තෙනුවර නේත්‍රාංඡන   – 184

දුලක්ෂණ ධර්මසිරි                        181 / විදර්ශනා සමාධි   –      181

තිනේත්‍රා ලිවේරා                          180 / කවිශා ගයන්ති කුමාරි  –    170

මල්මි සත්සරණි                           167 /චාමික සිතුම් කෝනාර   –   167

ශලිනි කවීශා වික්‍රමගේ                 166 / චිනුරි කාවින්ද්‍යා     –  165

අාඩිඅම්බලම ෙබෟද්ධ ප්‍රාථමික විදුහලේ  විවිධ දක්ෂතා  තිඛෙන දරුවන් වගේම විවිධ අවශ්‍යතා අැති දරුවන් සදහා වෙන් වු පන්ති කාමරයක් ද අැත. මෙවැනි පුංචි පාසලක ඒයද විශේෂත්වයකි. එමෙන්ම නිස් කලංක පරිසරයක සුන්දරව තැනු වගා බිමක් ද ඔවුන් නිසිලෙස පවත්වාගෙන  යන අාකාරය දැක ගත හැකියි.

මෙහි විදුහල්පතිතුමා ඩබ්ලිව්. ඒම් සරණපාල මහතායි. ඔහු ගුරු ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකිම් අැති ගුරුවරයෙකි.  මෙම ප්‍රථිපලය සදහා දරුවන්ගේ මානසිකත්වය නිසිමගට ගෙන ඔවුන්ව දැනුමෙන් පෝෂණය කල ගුරු භවතුන්ද මතක් කල යුතුමය. 5 ශ්‍රේණියේ පංතිභාර  ගුරුභවතුන්  රමණි පීරිස් මිය, සහ ඉනෝකා විඡේසිංහ මිය, තවද මෙම පාසලේ බාධක මැදින් පිපෙන  පුංචි කැකුලු වලට පිපෙන්නට  ඔවුන්ට අවශ්‍ය උපකාරයක් කළ හැකිනම් ඒයද මහත් පිනකි.  තරගයක් නැති සිහිනයක් තිඛෙන මේ පුංචි දරුවන් ගේ අානාගතය ලස්සන වේවායි ප්‍රාර්ථානා කරමු.

 
 

විශේෂ හැකියා සහිත සිසුන්ගේ පන්ති භාර ගුරුවරිය

සටහන – දිල්හානි ගම්පලගේ
ඡායාරූප – සිතුමි මාණික්කරත්න