නිදහස් උළෙල වර්ජනය කළ කාර්දිනල් හිමි මුනී බලන්න යයි

0
175

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගොස් තිබුණි.

එම දේවස්ථානයේ කාලබෝම්බයක් ආකාරයට සකසන ලද අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දේවස්ථානයේ සේවකයෙකු ලෙස කටයුතු කළ මුනීන්ද්‍රන් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවා.
කාර්දිනල් හිමියන් රාජ්‍ය නිදහස් උළෙල වර්ජනය කරමින් සිය දේවස්ථානයක සේවය කළ අයෙකුගේ බැලිමට යාමට රාජපක්ෂ පාලනයට එල්ල කළ තියුණු අතුල් පහරකැයි මිගමුවේ කතෝලික ක්‍රියාකාරිකයෙකු මිපුරට කියා සිටියේය.