”නිදහස” කළුයි කියන්නත් නිදහසක් නැති රටක් !

0
337

 

උතුර හා නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කාරණා හේතුවෙන් නිදහස් දිනය සැමරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සඳහන් කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන එක්ව ඊයේ (04) කිලිනොච්චිය නගරයේදී ‘කළු නිදහස් දින’ සැමරුම නමින් විරෝධතාවයක නිරතව  තිබුණි

යාපනය විශ්වවිද්‍යාලයේ කළු කොඩි ඔසවා තිබු අයුරු

යාපනය නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත් වූ අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමට උත්සාහ කිරීමේදී නොසන්සුන්තාවයක් හට ගත් අතර තත්වය පාලනය කිරීමට ජල ප්‍රහාරක බවුසර හා පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවා තිබිණ.

විරෝධතා වැඩසටහන වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායක එස්. ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

විරෝධතා වැඩසටහන වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායක එස්. ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.
වර්තමානයේ නිදහස් දිනයක් සැමරීමට හැකි වාතාවරණයක් නොමැති බව සඳහන් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ කළු කොඩි ඔසවා තිබුණි.

දශක ගණනාවක් තිස්සේ   විවිධාකාර පිඩාවන්ට පත්ව සිටින දමිල බස කථා කරන ජනයාට නිදහස කළුයි කියා වත් කියන්නට නිදහසක් නැතැයි යළිත් වරක් ලෝකයා ඉදිරිපිටදි තහවුරු වි තිබේ

මුලාශ්‍රය – ද ලිඩර්

ඡායා විඩියෝ – නිදර්ශන් විනෝ / කජිපන්

විඩියෝ https://web.facebook.com/stories/552842942723124/UzpfSVNDOjkxNTc4MTgwOTg1NzE1Mg==/?source=from_feed_inline_viewer&view_single=true