නින්දෙන් ඇහැරුන රණබාහුලා මාධ්‍ය හමුවේදි චණ්ඩියන්ට අදි..?

0
55
රණබාහු සහ ධම්මික සල්වතුර මාධ්‍යහමුවේ සංවිධායකන්ට තර්ජනය කරන අයුරු
රණබාහු සහ ධම්මික සල්වතුර මාධ්‍යහමුවේ සංවිධායකන්ට තර්ජනය කරන  අයුරු
රණබාහු සහ ධම්මික සල්වතුර මාධ්‍යහමුවේ සංවිධායකන්ට තර්ජනය කරන අයුරු
ලංකාදිප පුවත් ආරියරත්න රණබාහු නිදිකිරා වැටෙමින් සිටින අයුරු….

2013 අගොස්තු 13 වනදා කොලඹදි මාධ්‍ය සාකච්ජාවක් පැවැත්විණි.එය සංවිධානය කර තිබුනේ නිදහසේ වේදිකාව විසිනි.
මෙහිදි උතුරේ ජනයා අද මුහුණ දෙන ප්‍රශ්ණ පිළිබදව ප්‍රධාන අවධානයක් යොමුකර තිබුනි.
සමාන්‍යයෙන් සිවිල් සමාජය විසින් සංවිධානය කරනු ලබන මාධ්‍ය හමුවලදි ප්‍රශ්ණ ඇසිමේ වාරය මාධ්‍යවේදින් හට හිමිවනුයේ එදිනට නියමිත කථිකයන්ගේ මුලික ඉදිරිපත් කිරිම් වලින් පසුවය.
එහෙත් මේ මාධ්‍ය හමුව සදහා පැමිණි සිටි මාධ්‍ය අතුරින් දිවයින සහ ලංකාදිප යේ මාධ්‍යවේදින් විසින් මාධ්‍ය සාකච්ජාව මෙහෙයවන්නා විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය පත්‍රය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා එක් එක් කථාවලින් පසුව දිර්ඝ ප්‍රශ්ණ කිරිම් වල යෙදෙන්නට පටන් ගැනිම නිසා ප්‍රශ්ණ ඇසිම සියළු අදහස් දැක්විම් වලින් පසුව පමණක් කරන ලෙස නැවත නැවතත් මේ මාධ්‍යවේදින් හට මතක් කරන්නට සිදුවිය.
ඇති තතු එසේව තිබියදි 2013 අගොස්තු 14 ලංකාදිප පුවත්පතට එදා මාධ්‍ය හමුවේදි ඉදිරිපත් කළ උතරේ තත්වය ගැන කිසිදු විස්තරයක් නොලියා තමන්ගේ හිතුවක්කාර ප්‍රශ්ණ කිරිම් වලට ඉඩලබා නොදිම ගැන සම්පුර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් ගොතා පළකර ඇත. එයට අනුව මේ මාධ්‍යවේදින්ට පහර දෙන්නට ගිය බවත් පරුෂ වචනයෙන් බැන වැදුන බවත් ලියා ඇත.
මේ මාධ්‍ය සාකච්ජාවට සහභාගිව සිටි අනෙක් මාධ්‍යවේදින් විසින් අප වෙත ඒවා ඇති ජායාරූපවලින් පැහැදිලිව පෙනෙන්නේ ලංකාදිපයේ රණබාහු සහ දිවයිනේ ධම්මික සල්වතුර මෙම මාධ්‍ය සාකච්ජාව සංවිධානය කරන ලද අයට තර්ජනය කරන අයුරුයි.
ලංකාදිපය නියෝජනය කරමින් පැමිණි රණබාහු මේ මාධ්‍ය සාකච්ජාවේ ඇතැම් අවස්ථාවන්හි සිටියේ නිදි කිරා වැටෙමිනි.
එසේ සිට හදිසියේ ඇහුරුණු පසු පැහැදිලි කළ කරුණු සම්බන්ධයෙන්ද ප්‍රශ්න අහන්නට පටන්ගත්තේය.
මාධ්‍ය සාකච්ජාවන්ට පැමිණ මාධ්‍යවේදින් එහි න්‍යාය පත්‍රයට අනුව හැසිරෙන්නේ නම් නැතිනම් ඒ අය පාලනය කිරිමට එහි සංවිධායකයන්ට ඇති අයිතිය තේරුම් නොගන්නා චණ්ඩියන් මාධ්‍ය හමුවකට යැවිමට පෙර විනයගරුක ලෙසින් හැසිරෙන්නට යැයි කියාදීම එකි මාධ්‍යයන්හි කතු මඩුල්ලට පැවරෙන වගකිමකි.
http://www.meepura.com/stories/%E0%B6%AF%E0%B7%94%E0%B6%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90