නිපුනිගේ ඝාතකයා තවමත් නිදැල්ලේ ?

0
292

වයස අවුරුදු 05ක් වයසැති නිපුනි ජීවත්වුයේ වයික්කාල ප්‍රදේශයේයි.  2009 නොවැම්බර් 10 වන දින නොසිතූ විරූ ලෙස ඇයට අකාලයේ ජීවිතයෙන් සමුගන්නට සිදුවූයේ  සේයා මෙන්ම කාමාතුරයෙකු ගොදුරක් වීමෙනි. ඇයගේ නිවසට පැමිණි සිටි  ප්‍රේමේ නම් 40 හැවිරිදි පුද්ගලයෙකු මෙම සිගිති දැරියව රවටාගෙන ගොස්   අපයෝජනයට ලක්කර පසුව මරාදමන ලදී. ඇයගේ දේහය සොයාගන්නට ලැබුණේ පසුවදා වන අතරදින කීපයකට පසු  මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. නමුත් අවාසනාවකට අද වෙනතෙක් මෙම අපරාධයට ඔහුට දඩුවම් කිරීමට නීතියට හැකියාවක් ලැබී නොමැත. වාර්තා වන පරිදි තවමත් මෙම අපරාධකරු නිදැල්ලේ පසුවන අතර වසර 06ක් ගතවී ඇතත්
මෙම නඩුවේ අවසානයක් දකින්නට නොමැත.
රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ   සිදුවු සේයා නම් දැරියගේ සිදුවීමේදී රටේ ජනතාව පාරට පැමිණ උද්ඝෝෂණ පැවැත්වූ අතර මෙම   අවස්ථාවේදී නිපුනිගේ දෙමාපියන් සහ ගම්වාසීන්ද වයික්කාලයේ විරෝධතාවයක් පවත්වන ලදී.‍නිපුනිගේ දෙමාපියන් මෙම සිදුවීමෙන් පසු නැවතත් පා.මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවී සිය දියණියගේ විස්තරය පවසා මේ සම්බන්ධව මැදිහත් වන ලෙසද ඉල්ලා ඇත. ඔවුන් පවසන්නේ මේ සිදුවීමෙන් පසුවවත් තමන්ගේ දියණියට සිදු වූ අපරාධය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ  ඇස යොමුවිය යුතු වුවුත් තවමත් එය සිදුවී නොමැති බවයි.
මෙවැනි මනෝ විකෘතීන්  සහිත පුද්ගලයන්ට  සමාජයේ නිදැල්ලේ සැරිසැරීමට ඉඩහැරීම තවත් මෙවැනිම අපරාධයකට කරන ආර‍ාධනයක් නොවන්නේ ද?                
image