නිමල් ලංසාගේ ආධාරකරුවන්ටත් නගරාධිපති පුටු බෙදා ඇති බව හෙළිවේ ????

0
100

MC sec and dayan( 4.20 pm ) මීගමුව මහනගර සභාව විසින් පුටු මිළට ගෙන ඒවා සිය දේශපාලන සගයන් හට බෙදාදිමට කටයුතු කිරිමට පටන්ගෙන තිබුණි. මේ යටතේ නගාරික මන්ත්‍රිවරුන් පිරිසකට පුටු ලබා දි තිබුනි.
මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ දේශපාලන ආධාරකරුවන්ටත් මේ පුටු ලබාදි ඇති බව මේ වන විට හෙළිදරව් වි තිබේ.
මේ එක් අයෙකු වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කොට පරාජය වුවෙකි.
නගර සභා ප්‍රතිපාදන මේ ආකාරයෙන්  නිමල් ලංසාගේ මැතිවරණ දේශපාලන ආධාරකරුවන් සතුටු කිරිමට යොදාගැනිමේ කූට සැලැස්ම දැන් අගේට හෙළිදරව් වි හමාරය.
එය දැන් කිසිසේත්ම වසා දැමිය නොහැකි තරමට එළියට පැන ඇත.
කෙසේ වෙතත් මේ පුටු පිලිබදව සිදුවිම අනිවාර්යෙන්ම දුරදිග යන තැනට දැනටමත් කටයුතු සිදුවෙමින්  ඇති බැව් ඉතාමත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත..
මේ පුටු සෙල්ලමට නගරාධිපතිවරයා අතදිගහැර වැය කර ඇත්තේ මහජන බදුමුදල්ය. ඒ වා ගැන මීක් නොකි රාජ්‍ය නිළධාරින්ද මේවාට පැහැදිලිවම වගකිව යුතුය.
මේ වෙනුවෙන් කොටුවෙන්නට නියමිත පිරිස් ගැන එදිරියේදි තවත් තොරතුරු හෙළිදරව් වෙනු ඇත.
මේ පිළිබද මිගමුවේ ප්‍රධාන විපක්ෂය වන එජාප මේ මොහොතේ ගන්නේ ලංසා පවුලේ පැත්තද නැතිනම් තමන්ට ඡන්දය දි පත්කරගත් මහජනතාවගේ පැත්තද යන්න ඉදිරියේදි තින්දුව විමටද නියමිතය.
ඡායා- නගරාධිපති මාධ්‍ය අංශය