නිමල් ලංසාට එරෙහිව එදා පැමිණිලි 351 ක් ! මෙවරත් ලංසා කප් එක උස්සයි ?

0
201

මංජුල ගජනාය

 2014 මාර්තු මස පැවැති පළාත් සභා මැතිවරණයේදි මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ඇති අපෙක්ෂකයන් ලෙසි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් හෙළිකර ඇත්තේ බුද්ධදාස, ලන්සා සහ රාසපුත්‍ර යන අයගේ නම්ය

(6.30pm )මෙයින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා කල අපේක්ෂකයා වූයේ බස්නාහිර පලාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හෙලූහේවගේ මංජුල බුද්ධදාස වන අතර ඔහුට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 384 කි. ඒවා අතර පුද්ගල පහරදීම් හා නීති විරෝධී බැනර් කටවුට් කාර්යාල පෝස්ටර් හා අංක තහඩු නොමැති වාහන ධාවනය ඇතලූව රාජ්‍ය දේපල අනිසි පරිහරණය යන චෝදනා ඇති බව වාර්තා වේ.

සන්ධාන අපේක්ෂක නිමල් ලන්සා හා චන්දිම රාසපුත්‍රට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 351 ක් ලෙස දැක්වෙන අතර ඊයේ දිනයේදී මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පහර දී මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් චන්දිම රාසපුත්‍රට එරෙහිව පුද්ගලිකවමද පැමිණිල්ලක් පොලීසිය වෙත ලැබී ඇත. පසුගියදා ජාතික රූපවාහිනියේ සිදුකල පහරදීමක් හේතුවෙන් චන්දිම රාසපුත්‍ර ගේ සොහොයුරා වූ ගාමිනී රාසපුත්‍ර ද මේ වන විට වැඩ තහනම් වී ඇති බව අප විසින් වාර්තා කෙළෙමු.
මෙවරද මැතිවරණ නීති උල්ලංඝණය කිරිමට අදාලව නිමල් ලංසා කප් එක ගසා ඇත. පසුගිය ඉරිදා පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකදි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය හෙළකර සිටියේ මැතිවරණ නිති උල්ලංඝණය කිරිම් වලට අදාලව පාලනය කර ගතනොහැකි දේශපාලකයන් 4 දෙනා අතර නිමල් ලංසාද ඉදිරියෙන්ම සිටින බව ඔවුන් වාර්ථා කර සිටියේය.
මින් කියැවෙන් නිමල් ලංසාෙග් දේශපාලන ජාතකයේ ඇති අප්සට් එකය.එය දෙමුහුන්ය.බැසිල් සහ මහින්ද ඔවුගේ දේශපාලන පියවරුන්ය.
ආරේ ගති නෑරේ යැයි කියන්නේ මේ නිසාය.

මුලාශ්‍රය www.lankaenews.com