නිමල් ලංසාට තවත් අභියෝගයක් ?ඇමති ඉන්දික අනුරුද්ධගේ කාර්යාලයක් ලගදීම මීගමුවටත් !

0
58

IMG-1bd6318f349b8c96206f00d41b0ad567-Vපොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සටන වඩාත් තිව්ර වෙමින් තිබේ.ඒ අනුව දිස්ත්‍රික්කය පුරා වැඩිම සබදකම් ගොඩනගා ගතහැකි අයට පොහොට්ටුව අතර තරගයේදි වැඩිම වාසිය අත්විමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල මේ වන විට වඩාත් අර්බුදයට පත්ව සිටින තරගකරුවා වි ඇත්තේ රාජ්‍ය ඇමති නිමල් ලංසාය.
ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ අතිබහුතරයක් පොහොට්ටු සංවිධායකයන් හා ඇමති නිමල් ලංසා අතර පවතින විරසකයයි.
මේ නිසාම දැනට ඇමති ලංසාට සිදුව ඇත්තේ ඔහු විසින්ම වරක් කපා දමා විවිධ හිරහැර කරමින් 2015 මැතිවරණයේදි සැලසුම් සහගතවම පරාජය කිරිම ඉලක්ක කොට ගෙන කටයුතු කර විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පමණක් සරණ පතා යාමටය.
එහෙත් ඇය පවා  මේ වන විට සිටින්නේ අවධානම් කලාපයේය. එයට හේතුව වි ඇත්තේ මෛත්‍රි සරණ යාම නිසාය. ඒ අනුව ගත් කළ නිමල් ලංසා සිටින්නේද ඒ බෝට්ටුවේමය.
එබැවින් මෙවර මැතිවරණය යනු නිමල් ලංසාට පවා දෛවයේ සරදම් මතක් කර දෙන් එකක් වෙමින් තිබිම දැන් නොවැලැක්විය හැකිය. මන්ද රාජපක්ෂ පිල පැත්තට සිග්නල් දමා මෛත්‍රි පිලටත් යහපාලනයටත් කුණු බැනුම් වැපුරු ලංසා අංශ 180ක් කරකැවෙමින් පසුව මෛත්‍රි පිලට දෙසට හ ඇමතිධුරයක් පවා ගැනිම
කටයුතු කර තිබිමය.ඒ අනුව ලංසා මෙන්ම සුදර්ශණිද මේ වන විට එකම බෝට්ටුවේය. එදා සුදර්ශණිව කපා පරදවන්නට කටයුතු කළ ලංසාට මෙවර ඒ හා සමාන ඉරණමකට මුහුණ දිමට සිදුවනු ඇත්තේ මෛත්‍රි සරණ නොගිය ගම්පහ පොහොට්ටු ක්‍රියාකාරින් ලංසාට කිසිදු සහයක් නොදිමට කටයුතු කරමින් සිටින නිසාය.,මේ නිසාම වෙන කවරදාකවත් මුහුණ නොදුන් අභියෝගයක් වෙත නිමල් ලංසා අද මුහුණ දි සිටිමය.
මේ අතර නිමල් ලංසාට වඩා මිගමුව මේ වන විටත් ඉහල ජනප්‍රියත්වය කරා යමින් සිටින නිවාස රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයක් මිගමුවේද තවත් නොබෝ දිනකින් විවෘත කිරිමට නියමිත බව මිපුර වෙබ් අඩවිය අමතා කථා කළ  පොහොට්ටු ක්‍රියාකාරිකයෙකු කිවේය.
සංචාරක ඇමති  ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් අද ඇමති ඉන්දික මිරිගම ප්‍රදේශයේද කාර්යාලයක් විවෘත කොට තිබුණි.