නිමල් ලංසා ඇමතිගේ ව්‍යාපාරික ගජමිතුරා ”බොරළු සමන්ත” අත්අඩංගුවට ගතයුතුයි -රොයිස් කියයි

0
255

මීගමුව නගරය පාලනය වන්නේ කළු සල්ලි මතින් යැයි පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් ගැන මීපුර වෙබ් අඩවිය බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතාගෙන් විමසා සිටියා.
එහිදි ඔහු පැහැදිලිව කියා සිටියේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් සිය දේපල මිලදි ගැනිම් වලදි යොදාගෙන ඇති බොරළු සමන්ත නැමැත්තාව වහා අත්අඩංගුවට ගත යුතු බවය.
දැනට වාර්ථා වන අන්දමට නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් කෝටි ගණන් ගෙවා මිළට ගෙන ඇති සියළුම හෝටල්වල ප්‍රකාශිත ගැනුම්කරුවා බවට පත්ව ඇත්තේ මේ බොරළු සමන්ත නැමැත්තෙකි.
ඔහු රාජපක්ෂ පක්ෂ පාලනය සමයේ ඇමති නිමල් ලංසාගේ ප්‍රධාන බොරළු සැපයුම්කරුවා ලෙසින් ඉතා ඉක්මනින් කෝටිපතියෙක් බවට පත්වුවෙකි.