නිමල් ලංසා ජනතාව රවටන හැටි රොයිස් කියයි!

0
87

FB_IMG_1517280190470(8.45pm)මල්ලිව නාගරික මන්ත්‍රීවරයෙකු කිරිම සදහා හිටපු ඇමති නිමල් ලංසා මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් මිගමුවේ ජනතාව රවටන අන්දම ගැන උදාහරණ සහිතව මිගමුව එජාප සංවිධායක සහ නගරාධිපති අපේක්ෂික රොයිස් විජිත පසුගිය දිනවල පැවති හැම රැස්විමකදිම පෙන්වා දි තිබුණි.රොයිස් විජිත විසින් මේ ආකාරයෙන් සිදුකරන ලද හෙළිදරව්ව ගැන මැතිවරණ නීරික්ෂණ සංවිධාන විසින්ද රටටම හෙළිකර තිබුනේ ඒ වෙනුවෙන් වු විශේෂ පුවත් පත් සාකච්ඡාවකදිය.මේ ප්‍රකාශයත් සමගින් මිගමුව පොලිසියද දැන් අර්බුදයට ගොස් ඇත්තේ නිමල් ලංසාව මැතිවරණ නීතියට අනුකූලව හසුරුවාගැනිමට නොහැකි නිසාය.නිමල් ලංසා ජනතාවට මේ අනුව කියන්නේ තමන්ට ඡන්දය දෙන ලෙසය.ලංසාගේ මේ ප්‍රොඩාවත් සමගින් මිගමුවටත් රටටත් හෙළිවන එක් ප්‍රබල සත්‍යයක් ඇත.එනම් මල්ලිව ජනතාව ඉදිරියට ගොස් අලෙවිකරගත නොහැකි භාණ්ඩයක් බව අයියා විසින්ම පිලිගෙන ඇති බවය.අඩුම තරමින් වැල්ලවිදිය කොට්ඨාසයට වත් මුහුණ දි ගත නොහැකි අයෙකුව නගරාධිපති කරවිමට නිමල් ලංසා අසාර්ථක උත්සාහයක රු කෝටි ගණනින් වැය කරමින් යෙදි සිටින්නේ තාත්තාට ඇති බය නිසාය.හිටපු අැමතිවරයෙකු දැන් නාගරික කොට්ඨාසයකට ඡන්දය ඉල්ලා සිටින අයෙකුගේ තත්වයට වැටි ඇති බවය.

අමිල ප්‍රනාන්දු