නිමල් ලංසා මෛත්‍රි පිළෙන් මහින්ද පිළට පනියිද ?

0
61

lansa12මහින්දගෙන් තමන්ට කිසිදාක නොලැබුන ආසන සංවිධායකධුරය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිහිටෙන් අරන් ඒ විතරක්ද ඇමතිකමකුත් අරගෙන තමන්ව මීගමුවෙන් අන්ත පරාජයක් අතකර දුන් ජනතාවගේ සංවර්ධන නියෝජිතකමද මෛත්‍රිගෙන් අරන් දැන් මහින්ද  පිලෙන් ඡන්දේ ඉල්ලන්න කියල අපට කියන්න එනවා.
මෙහෙම අවස්ථාවාදි දේශපාලකයෙක් මීගමුව දේශපාලන ඉතිහාසයේදි නම් අපි දැකල නෑ.යැයි  කියා සිටියේ මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකි.
ජෙයරාජ්ගෙන් ගන්න පුළුවන් ඔක්කොම අරන් එයාව ඝාතනය කරපු මිනිමරුවන් එක්ක කරට අතදාගෙන පස්සේ දේශපාලනේ කළා විතරක් නෙමෙයි ජෙයරාජ්ගේ බිරිදව කපල බැසිල් ලොක්කාගේ නෝනාව අරන් දිස්ත්‍රික්කෙම රවුම් ගැහැව්වා.
ඒ විතරක්ද පහුගිය ඡන්දෙ කාලේ පැහැදිලිවම මොකද්ද කිව්වේ සුදර්ශණි මෛත්‍රිගේ එයාලව පරද්දන්න ඕනේ කියල….
ලංසා කියන්නේ ඒ වගේ අවස්ථාවාදියෙක් යැයි මීපුර අමතා කියා සිටියේ ඔහු හා සමිපතවම සිටි දේශපාලන ක්‍රියාකාරිකයෙකි.
මේ අතර කැපුවත් මහින්ද යැයි දැඩි ස්ථාවරයක් එදා සිටම කටයුතු කරන මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායකවරයා හා එක්ව දයාන් ලංසා මීගමුවට මහින්ද පිළෙන් ඉදිරිපත් කළ යුතු මුලික ලයිස්තු සැකසිම ගැන මුලික සාකච්ජා ආරම්භ කර ඇතැයිද සැලය.
මේ පසුබිම යටතේ තතු දන්නෝ අසා සිටින්නේ දැන් ලංසා ඉන්නේ කොයි පිළේද යනුවෙනි.lansa sarath new