”නිමල් ලන්සා හැදුවේ තාත්තගේ පාර්ක් එකට swiming පූල් එකක් ? ”

0
51

 මීගමුව වෙරළ උද්‍යනයේ තිබෙන water park  ලෙස නම් කර ඇති පිහිනුම් තටාකය හා උද්‍යානයේ  සිදු වූ වංචා පිළිබඳව මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා මීපුර වෙබ් අඩවිය හා පැවැති විශේෂ සාකච්ජාවකදි හෙළිකර සිටියේය .
මීගමුව මහ  නගර සභාවේ කිසිදු අවසරයකින් තොරව හා එම ආයතනයට කිසිම ලාභයක් නොමැතිව සංචාරක ආමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මේ වන විට වැඩ නිම කොට ඇතත් මහජනතාව උදෙසා විවෘත කර නොමැත.
මෙම වෙරළ උද්‍යානය ටෙන්ඩරය ඇත්තේ දළුපත ප්‍රදේශයේ පුද්ගලයෙකුට බවත්  පවත්වාගෙන යාම හා ආදායම ලබාගන්නේ වෙනත් පුද්ගලයන් බවත් මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
මෙය ඇමති නිමල් ලංසාගේ ක්‍රමයයි. ඔහුගේ සියළු අයථා ආදායම් මාර්ග ඇත්තේ වෙනත් අයගේ නම් වලිනි.
මෙය හෙළිදරව් වී ඇත්තේ පසුගියදා පොලීසිය වෙත විපක්ෂයේ කණ්ඩායම විසින් බාරදුන් පැමිණිල්ලෙන් පසුය.

 

IMG_3320