නියෝජ්‍ය ඇමති නිමල් ලංසා ලගදිම අත්අඩංගුවට

0
84

නියෝජ්‍ය ඇමැතිවරයෙක් අල්ලස් කොමිසමට...?

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට යන නියෝජ්‍ය ඇමැතිවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විය හැකි යැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටි.

කෙටි කාලයක් ඇතුළත දී අයථා ලෙස වත්කම් උපයා මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දීර්ඝ වශයෙන් කරුණු විමර්ශනය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.

රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හෙට අනිද්දාම අත්අඩංගුවට ගැනෙනු ඇතැයි මුලින්ම කියා සිටියේ සමාජ සුබසාධන සහ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අඟහරුවාදා (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

-සත්හඬ-