නියෝජ්‍ය නගරාධිපතිකම ඇමති මලයාට..?ශ්‍රිලනිප ජේෂ්ඨයෝ කළකිරෙති.

0
58

lansa 2මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය සදහා ශ්‍රිලනිප ජේෂ්ඨ මන්ත්‍රිවරු දෙදෙනෙකු  ඉල්ලිම් කර තිබුණද  අවසනදි එය ලැබුනේ ඇමති නිමල් ලංසාගේ සොහොයුරෙකු වු නවක මන්ත්‍රිවරයෙකු වන දයාන් ලංසා හටය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි අතිවිශාල මුදලක් වැය කරමින් මැතිවරණ සටනේ නියැලුණු ඇමති සොහොයුරා වු දයාන් ලංසා මනාප සටනේ ඉදිරියට පැමිණිනි.
එහෙත් ඔහු කළු චරිතයක් ලෙස නගරයේ ප්‍රචලිතව සිටි බැවින් කතෝලික පල්ලියේද බරපතල විරෝධයක් පැන නැගුන හෙයින් නගරාධිපතිධුරය ලැබුනේ පක්ෂයේ ජේෂ්ඨතම මන්ත්‍රිවරයෙකු වු අැන්ටන් ජයවීර හටය.
මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය දැරු එම්. සකාවුල්ලා මහතා බස්නාහිර පළාත් සභාවේ සිදු වු පුරප්පාඩුවක් හේතුවෙන් පළාත් සභා මන්ත්‍රිවරයෙක් ලෙසින් පත්විමෙන් අනතුරුව හිස්වු නියෝජ්‍ය නගරාධිපතිධුරය සදහා කපිල නන්දසුලෝචන සහ ෆරිස් යන ජේෂ්ඨ මන්ත්‍රිවරුන් ඉල්ලිම් කර තිබුණද මහින්ද පිළේ ප්‍රබලයෙකුව සිටි ඇමති නිමල් ලංසා ගැසු අංශ 180 ක කරණම නිසා දැන් මීගමුවේ ඔටුන්නට තම සොහොයුරාට ලබාදිමේ අටියෙන් ක්‍රියාත්මක වු විශේෂ මෙහෙයුමකින් අනතුරුව පල්ලිටත් නගරයේ බහුතරයකගේ අප්‍රසාදයටත් පාත්‍ර වු සිය සොහොයුරා වු දායන් ලංසාට නියෝජ්‍ය නගාරධිපතිධුරය ලබාදිමට පියවර ගෙන තිබේ.
මසක පමණ කාලයක් පමණක් පැවැත්විමට බොහෝදුරට නියමිතව ඇති පළාත් පාලන ආයතනයක් තුල හිමිවන මේ තනතුරු වෙනුවෙන් අති දැවැන්ත උත්සවයක් මේ වන විට සංවිධානය වෙමින් තිබේ.එය හෙට දිනයේදි පැවැත්විමට මීගමුව මහනගර සභාවේදි පැවැත්විමට නියමිතය.
ඒ සදහා මැති ඇමැත්තෝද විශාල ප්‍රමාණයක් සහභාගිවිමට නියමිතව ඇති බවට වාර්ථා වේ.