පසුගිය මාර්තු 31 දින මිරිහාන සිද්ධියෙන් සලිත වූ ආණ්ඩුව අප්‍රේල් 3 නිර්පාක්ෂික ජනතා අරගලය මර්දනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය, ඇඳිරි නීතිය හා මුහුදු වෙරළත් තහනම් කරමින් ගැසූ අතිවිශේෂ ගැසට් පත්‍රයද නොතකා අප්‍රේල් 3 ආරම්භ කළ නිර්පාක්ෂික ජනතා අරගලයට ඊයේ දිනට පළමු සතිය සම්පූර්ණ වූ අතර ඊට අදාළ ශේෂ පත්‍රය මෙසේය.
- මොළ හතක් ඇතැයි කියූ මුදල් ඇමති බැසිල් ඉවත් කිරීම
- රාජපක්ෂ පවුලේ තිදෙනෙකුම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම
- කුප්‍රකට ඉතිහාසයක් ඇති කබ්රාල් තනතුරින් ඉවත් කිරීම
- දූෂිත රාජපක්ෂ යාන්ත්‍රණය බලගැන් වූ මුදල් ලේකම් ආටිගල ඉවත් කිරීම
- එතෙක් පැවති කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම
- ආණ්ඩුවෙන් හතළිස් එකක් ඉවත් වීමට සැලැස්වීම
- හදිසි නීතිය ඉවත් කිරීම
- විෂය පිළිබඳ විශේෂඥ තාවයක් ඇති තැනැත්තකු මහ බැංකු අධිපති කිරීම
- එවැනි තවත් අයකු මුදල් ලේකම් තනතුරට පත් කිරීම
- විසදුමක් සොයා ගත නොහැකිව ජනපති අගමැති වල්මත් වී සිටින තත්වයක් ඇති කිරීම
- සමස්ත සමාජයම ගිල්වා තිබූ සියලු මිත්‍යාවන් හෙළිදරව් කර සාමාන්‍යය ජනතාව ඉන් මුදවා ගැනීම.
- සමස්ත ආණ්ඩුවම නිර්පාක්ෂික ජනතාව ගේ ග්‍රහණයට ලක්වූ තත්වයක් නිර්මාණය කිරීම
විජයග්‍රහණයේ ඉලක්කය දක්වා නිර්පාක්ෂික ජනතා අරගලය දිගටම….
(නිමල්ගේ බෝපගේ ගේ ෆේස්බුක් පිටුවෙනි)
ඡායා -දොන් මායා