”නිරායුධ මිනිසුන් මරාදමන රාජ්‍ය ත්‍රස්තවාදය හෙලා දකිමු”-සත්‍යග්‍රහය හෙට

0
89

9731802345_Weliweriya Akila Dinesh Funeral (21)ඉහත සටන් පාඨය තේමා කරගෙන ලබන බදාදා (07 අගෝස්තු) සවස 3.30 ට කොටුව දුම්රියපොල ඉදිරිපිටදී සත්‍යග්‍රහයක යෙදීමට කිතුණු සහයෝගීතා ව්‍යාපාරය (සීඑස්එම්) ඔබට යෝජනා කරන්නට අදහස් කළෙමු.
කිතුණු සහයෝගීතා ව්‍යාපාරය මෙවැනි යෝජනාවකට එකගවූයේ ඔබද අනිවාර්යෙන් ඊට සහභාගීවන්නට එකගවන බවට විශ්වාසය අප සමග තිබූ බැවිනි.
වර්ථමානයේදී අපි සියළු දෙනා මුහුණපාන අභියෝගය අති භයංකරය. නමුදු සාමූහිකව ඊට මුහුණ දිමට මෙයද අවස්ථාවක් කරගනිමු.
ඔබගේ අනන්‍යතාවය රැකගෙන මේ පොදු තේමාව ඔස්සේ එදිනදී අපි එක්වෙමු.
ඔබගේ සංවිධානයේ බැනරය සමග පැමිණෙන්න. හැකි සැමදෙනා සුදු  ඇඳුමින් සැරසී මෙම අවස්ථාවට සහභාගි වීම වඩාත් උචිතය.
වැඩි සංඛ්‍්‍යාවක් සහභාගී කරවන්නට අමතක නොකරන්න.

කිතුණු සහයෝගීතා ව්‍යාපාරය ,133 මරදාන පාර , මරදාන

ජායාරූප අනුග්‍රහය- 9lanka.com වෙතිනි.