නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය යළිත් නිවෙස් තුල නිරෝධායනට ගෙන ඒමේ සැලැස්මක් …

0
89

stock-vector-shelter-in-place-pandemic-of-coronavirus-and-social-distancing-staying-at-home-with-self-1671084835දැනට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් PCR පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසු ඉදිරි පැය 48 තුළ නිවාස නිරෝධායනය සඳහා ගෙන යන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ නිවසේ දින 14 නිරෝධායන ක්‍රියාවලියේ යෙදි සිටින  අයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන පැකේජයක් ලබා දෙන බවයි.
“දින 14 ක නිරෝධායනයක යෙදී සිටින අයට සිල්ලර බඩු හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පිටතින් යාමට ඉඩ නොදීම හේතුවෙන් මෙම සහන පැකේජය ලබා දීමට රජය තීරණය කර ඇතැයිද එහි සදහන්ය
සැබැවින්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවා පුද්ගලිකව අදහස් දැක්විමේදි කියා තිබුනේ නිරෝධායනය සිය නිවෙස් තුලම සිදුකිරිම වඩාත්ම ප්‍රයෝගික ක්‍රියාව බවය.
එහෙත් හමුදාවේ කොරෝනා කළමණාකරණ වැඩපිළිවෙල වෙනස්ම එකක් විය . පසුගිය කාලය තුල නිදහස් වෙළද කලාප සමාජ ක්‍රියාකාරින් විසින් හමුදාවේ මේ දඩිබිඩි නිරෝධායන වැඩපිලිවෙල ගැන මාධ්‍ය හමුවේ බරපතල විවේචනද එල්ල කොට තිබුණි
මහ රැ පැමිණි බස්වල පටන් අරන් යන තැනක් වත් නොකියා කටයුතු කර තිබුණ ආකාරය මෙසේ විවේචනයට ලක්ව තිබුණි.
කෙසේ වෙතත් දැන් රට කල්පනා කළ යුතුය ඇත්තේ දඩිබිඩි වැඩවලට එහා ගියා විධිමත් කොරෝනා පාලන සැලැස්මක් වසංගත පාලනය හා ප්‍රජා සෞඛ්‍ය පිළිබදව අත්දැකිම් සහිත වුවන්ගේ නායකත්වයෙන් ගොඩ නැගිමය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here