නිල කාලසටහනට පිටින් යමින් පාප්තුමා වීදි දරුවෝ බැහැදකිති.

0
65

street children phiපිලිපිනයේ 5 ස් දින සංචාරයක නියැලි සිටින ෆ්‍රැන්සිස් පාප්තුමන් සිය නිළ කාල සටහන පසෙකින් තබමින් ඊයේ හදිසි තින්දුවක් ගෙන තිබුණි . ඒ මැනිලා නුවරදි වීදි දරුවන් පිරිසක් හමුවිමටය.
අනාක් නමින් වු  ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන වීදි දරුවන් රැකබලාගැනිමේ මධ්‍යස්ථානය භාර පියතුමන් විසින් මේ වීදි දරුවන් පිරිසක් විසින් කරන ලද නිර්මාණයන් පාප්තුමන් හට ලබාදිමට ඒ දරුවෝ කැමැත්තෙන් සිටින පාප්තුමන් වෙත දන්වා යවා තිබුනේ මීට මාස කිහිපයට පෙර සිටය.
දැනට මැනිලා නුවර සිටින පාප්තුමන් තමන්ගේ නිල කාල සටහනට පිටින් යමින් මේ වීදි දරුවන් පිරිස බැහැදැකිමට ගිය බව වාර්තා වේ
එය නිල ගමනේම කොටසක් නොවේ වූ බැවින්, එහි කිසිදු මාධ්‍යයක් සිටියේ නැත. නිල කැමරා හෝ විඩියොද් නැත.