නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් 25 සිට

0
466

election banner

ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් 01 වැනිදා සිදු කිරීමට නියමිත රාජ්‍ය ආයතනවල සහ ආරක්ෂක අංශයන්හි තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා වන තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම ලබන සිකුරාදා (18) සිදු කිරීමට නියමිතය.
 එමෙන්ම ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ඔක්තෝබර් 25 වනදා සිදුකිරීමට නියමිතය. නොවැම්බර් 03 වනදා නිල ඡන්ද පත්‍රිකා බෙදා දීමෙ විශේෂ දිනයක් වන අතර නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 9 වනද අවසන් කිරීමට නියමිතය.
නොවැම්බර් 04 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට නොවැම්බර් 07 වැනිදා ඒ සඳහා අවස්ථාව හිමිවේ.