නිල නිවසින් ඉවත් වෙන රංජන්ට චන්දිමාල්ගෙන් නිවසක් !

0
62

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ඔහුගේ බඩුමුට්ටු ඉවත්කරගන්නා ලෙස මේ වන විට දැනුම් දී ඇති අතර ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 20 වැනිදායින් අවසන්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එබැවින් ඔහුට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අද (15) එක්වෙමින් පවසා ඇත.රන්ජන් රාමනායක මහතා තම සමීප මිතුරකු බවත් මෙවන් මොහොතක නැති මිතුදම් හා මනුස්සකම්වලින් පලක් නොවන බවත් චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරන බව වැඩිදුරටත් ඒම පුවතේ සදහන්ය.

රාමනායක මහතාට නිදහස් වී පැමිණි දිනක මෙම නිවසේ පදිංචි වී ඔහුගේ කටයුතු ඉදිරියට කරගෙනයාමට හැකි බව ද ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
සැමදා තිත්ත ඇත්තම කථා කළ දේශපාලකයෙකු වු රන්ජන් රාමනායක ගැන දේශපාලන සමාජය සහ දේශපාලන මිතුරන් දක්වන උනන්දුව ගැන ඇත්තේ කළකිරිමක් බව මිගමුවේ දේශපාලන සමාජ ක්‍රියාකාරිකයෙකු මිපුරට කියා සිටියේය .