නිවාස රාජ්‍ය ඇමති ඉන්දිකට මීගමුවේදි උණුසුම් පිළිගැනිමක් ..!

0
140

indika 1
නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ පිළිගැනිම සඳහා අද රාත්‍රියේ මීගමුව නගර මධ්‍යයේ ඉතා විශාල ජනසහභාගිත්වයකින් යුතු උත්සවයක් සංවිධානය කර තිබුණි.
ඒ සඳහා ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් එක්ව සිටිම විශේෂත්වයක් විය.
රැස්වි සිටි පිරිස ඇමති රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ මීගමුවට දේශපාලන නිදහසක් ලබාදෙන බවය.
සිංහල දමිල මුස්ලිම් සියල්ලෝම අද එකතු වෙලා ඉන්නවා .භෞතික සංවර්ධනයට වඩා සමාජිය සංවර්ධනය වැදගත් යැයි ඔහු කියා සිටියේය.
කාපට් පාරවල් හදන්න පුලුවන් ව්‍යාපෘති වලින් නමුත් මේ සහෝදරත්වය ගොඩනැගිමය වැදගත් යැයි ඔහු කිවේය.සියළු ජාතින් ආගම්වලට අයත් මේ එකතුව ඉදිමෙන් පෙන්නුම් කරන්නේ ඒ සහෝරත්වය යැයිද කිවේය.
මීගමුවේ නාගරික  මන්ත්‍රිවරුන් උදව් නොකළද , මිගමුවේ ජනතාවගේ විශාල සහයක් මේ සටන දිනවිමට ඉවහල් වු බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම මත්ද්‍රව්‍යවලින් විනාශ වෙන තරුණ ජිවිත බේරාගැනිමට විශේෂ මැදිහත්විමක් අවැසි බවද ඇමතිවරයා අවධාරණය කර සිටියේය.
සියළු ආමාත්‍යංශ සහ අදාල ආයතනවල සම්පුර්ණ සහය ලබාගනිමින් මීගමුව සංවර්ධන කිරිමට පෙරමුණ ගන්නා බවද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
මේ පිළිගැනිමේ උත්සවය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලාද එක්ව සිටියේය.