නිවුන් සෙහොයුරියන්ගෙන් හරිස්චන්ද්‍රයට පදක්කම්.

0
136

කොළඹ පැවැති 2012 ජාතික කණිෂ්ඨ පිහිනුම් ශරතා තරඟාවලියේදී 14 න් පහල — සමනල ආර මීටර් 50 සහ 100 බාලිකා ඉසව් වල ජය මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 07 වසරේ ඉගෙනුම ලබන පිහිණුම් ක්‍රිඩිකාවන් දෙදෙනෙකුට හිමි වී තිබේ.

මීටර් 50 සහ 100 සමනල ආර යන ඉසව් දෙකේම ප්‍රථම ස්ථාන ලබා රන් පදක්කම් ලබා ගත්තේ හංසි පෙරේරා සිසුවිය වන අතර එම ඉසව්වේම එනම් මීටර් 50 සහ 100 සමනල ආර ඉසව්වේ දෙවැනි ස්ථාන ලබා ගනිමින් රිදී පදක්කම් හිම් කරගත්තේ හිරුණි පේරේරා සිසුවියයි. මෙහිදී සුවිශේෂි වන්නේ රන් සහ රිදී පදක්කම් ලද මේ සිසුවියන් දෙදෙනා නිවුන් සොහොයුරියන් වීමයි.

මෙම ජයග්‍රහන වඩාත් සුවිශේෂී වන්නේ මෙම විද්‍යාලයට මේ වන විටත් පිහිණුම් තටාකයක් හෝ නොමැති වීම නිසාවෙනි. එමෙන්ම මේ කුඩා ක්‍රිඩිකාවන් දෙදෙන තුල ඇති ක්‍රිඩා කෞෂල්‍ය මත ඔවුන්ට ඉදිරි ආනාගතයේදී ජාත්‍යන්තර කී්‍රඩා තරඟාවලීන් පවා ජයග්‍රහනය කර රටට සුවිශාල කිර්තියක් අත්කරදීමට හැකිවෙතැයි , මෙම තරඟාවලියට පැමිණි සිටි බොහෝ ක්‍රිඩා අචාර්්‍යවරුන්ගේ අදහස විය.