නිසි ප්‍රමිතියකින් තොරව කරවල වේලීම සිදු කරන බව අධිකරණය තීරණය කරයි

0
589

fish 2මීගමුවේ  මහා  පරිමාන  කරවල  මුදලාලිලා   විසින්   මීගමුව  පිටිපන  ප්‍රදේශයේ   ගම්තුළ  කරගෙන යන  කරවල වේලීමේ  කටයුතු  නිසා  ප්‍රදේශවාසීන්ට  සිදුවන  පීඩාව  පිළිබඳව  අප  මීට  පෙරද  අපගේ  වෙබ්  අඩවියේ  සාකච්ඡාවට  ලක් කළෙමු. මෙම  ප්‍රශ්නය   මත  පිටිපන  ජනතාව  මීට  එරෙහිව  විවිධ  ක්‍රියාකාරකම් වලට  යොමුවිය.  මේ  අනුව  දැනුවත්  කිරීම් ,  පෙත්සම්  අත්සන්  කිරීම්  සහ  අධිකරණයට   යාම   දක්වා ක්‍රියාමාර්ග  වලට  ගමන්කර  ඇත. 2019-  02-  07 වන  දින  පැවති  මීගමුව  අධිකරණය  ඉදිරියේ  විභාගවූ   නඩුවේ   කරවල  වාඩි  පැත්තෙන්   පින්තූර  ආදිය  ඉදිරිපත්  කරමින්  තමන්ගේ  වාඩිතුළ  මැස්සෙක්වත්   නැතිබව  පෙන්වා  කරවල  වාඩිවල  පිරිසිදු භාවය හුවා  දැක්වීමට  උත්සාහ  කර  ඇත.  නමුත්  අනෙක්  පාර්ශවයෙන්   මෙකී  ස්ථානවල  පවතින  දුර්ඝන්ධය  සහ  කලපු  ජලයට  ඔවුන්විසින්  බැහැරකරන   අපද්‍රව්‍ය    මුසුවීම  ගැන   සත්‍ය  කරුණු  ඉදිරිපත්  කිරීමෙන්  අනතුරුව   විනිසුරු  තුමන්   ඒ  පිළිබඳව   වටහාගන්නා  ලදී.  මේ  අනුව  නඩුදමා  ඇති  කරවල  වාඩි  4  රේ  අයිතිකරුවන් රිමාන්ඩ්  භාරයට  ගත්  අතර  පසුව  ඔවුන්  එක්  අයෙකුට  ලක්ෂ  දෙකක  ශරීර  ඇප  මත  නිදහස්  කරගන්නා  ලදී.

මේ  අනුව    කරවල  වාඩිවල  ඉදිරිපිට  ඇති   ලස්සන   පෙන්වීමට  කරන  ලද  නිරර්තක  උත්සාහය  පරාජය  වී  මෙම  ස්ථානවල  පිටුපස  ඇති  අව ලස්සන   අධිකරණය  විසින්  හඳුනා ගන්නා ලදී. එමෙන්ම  සියළු  වාඩි  වසාදමා කරවල  වේලීම  නතර කරන්නැයි  ජනතාව  ඉල්ලා  සිටින්නේද  නැත.  ඔවුන්  ඉල්ලා  සිටින්නේ  ප්‍රමිතියකට  අනුව ජනයාට  හිරිහැරයක්  නොවන  අයුරින්  මෙම  කටයුතු  සිදුවිය  යුතු  බවය.  නමුත්   මහ මුහුදේ  සහ  කලපුවේ  පැවැත්මට   තර්ජනයක්  වන  ආකාරයෙන්   අද  ඔවුන්  මෙම  කරවල  නිෂ්පාදන  කටයුතු  කරගෙන  යන  බව   නීතිය  ඉදිරියේ  පමණක්  නොව  සමාජය  ඉදිරියේද  හෙළිදරව් වී  අවසන්ය.  ඒනිසා  තවදුරටත්  ජනතාව  පීඩාවට  පත්කරමින්  ගෙනයන  මෙම  වැඩපිළිවෙල  නතර කරන  ලෙස  අපි  ඔවුන් ගෙන්  ඉල්ලා  සිටින්නෙමු. Dry fish issue