මේ අනුව කරවල වාඩිවල ඉදිරිපිට ඇති ලස්සන පෙන්වීමට කරන ලද නිරර්තක උත්සාහය පරාජය වී මෙම ස්ථානවල පිටුපස ඇති අව ලස්සන අධිකරණය විසින් හඳුනා ගන්නා ලදී. එමෙන්ම සියළු වාඩි වසාදමා කරවල වේලීම නතර කරන්නැයි ජනතාව ඉල්ලා සිටින්නේද නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ ප්රමිතියකට අනුව ජනයාට හිරිහැරයක් නොවන අයුරින් මෙම කටයුතු සිදුවිය යුතු බවය. නමුත් මහ මුහුදේ සහ කලපුවේ පැවැත්මට තර්ජනයක් වන ආකාරයෙන් අද ඔවුන් මෙම කරවල නිෂ්පාදන කටයුතු කරගෙන යන බව නීතිය ඉදිරියේ පමණක් නොව සමාජය ඉදිරියේද හෙළිදරව් වී අවසන්ය. ඒනිසා තවදුරටත් ජනතාව පීඩාවට පත්කරමින් ගෙනයන මෙම වැඩපිළිවෙල නතර කරන ලෙස අපි ඔවුන් ගෙන් ඉල්ලා සිටින්නෙමු.