නිසි වැඩ පිළිවෙලක් නැතිව අනතුරු වලට අත වනන මීගමු නගරයේ පාරවල්

0
140

IMG-20190724-WA0004මීගමුව  නගරයේ  කෙලින් වීදිය  පාරේ   සෑම  මංසන්දියකම  කානු  කපා  ගොඩකර  ඇති  ආකාරයත්,  මෙම  මංසන්දි  වල  සෑම  ස්ථානයකම  කඩතොළුවී  වලවල්  සෑදී  ඇති  ආකාරයත්    ඒනිසා  මෙකී  ස්ථානවලින්  ගමන්කරන  වාහන  ඉතා  අපහසුවෙන්  ගමන් කරන  ආකාරයත්  දැකගත  හැකිවිය.  මේ  ගැන  විමසූ  අවස්ථාවේ  මෙහි  අවට  සිටින  ව්‍යාපාරිකයින්    සහ  ත්‍රීවිල්  රියදුරන්  ප්‍රකාශකළේ  මේවා  මාස  5ක  පමණ   කාලයක  සිට  මෙසේ  පවතින  බවයි.සමහර  ස්ථාන  තමන්  පස් දමා  සකසා  ගත්බව  ත්‍රීවිල්  රියදුරන්  පැවසීය.

අප  මේගැන  මාර්ග සංවර්ධන  අධිකාරියෙන්  විමසූ  අතර  ඔවුන්  ප්‍රකාශකළේ    මෙම  කානු  කපා  බට  වළලා  ඇත්තේ   ජලසම්පාදන  මණ්ඩලයෙන්    නිසා   ඒ  ගැන   එම  තාක්ෂණ  නිලධාරියාගෙන්  විමසිය  යුතු  බවයි. මේ සඳහා  තාක්ෂණ  නිලධාරියාගේ  අංකයද   ඔහුවිසින්  ලබාදෙන  ලදී.  කිහිප වතාවක්ම  දුරකථනයෙන්  ඔහු  සම්බන්ධ කතර ගැනීමට  උත්සාහ  ගත්  නමුත්  ඔහුගෙන්  පිළිතුරක්  ලබාගැනීමට  නොහැකිවිය.  මීගමුව  නගරයේ  කෙලින්වීදිය  සහ  කෲස් පාර  මුණගැසෙන  මංසන්දිය,  දුම්රිය පොලට  හැරෙන  මංසන්දිය   ආදී  වශයෙන්  ප්‍රධාන  මංසන්දි   පවතින්නේ  මෙම   කඩතොළුවූ  තත්වයේය.   මහජනතාවට  පීඩාවක්  ගෙනදෙන  ආකාරයෙන්   මාස  5ක  පමණ  කාලයක්  තිස්සේ   මෙසේ  පැවතීම  පිළිබඳව   කිසිදු  වගකිවයුත්තෙකු    අවධානයදී  නැත.

ප්‍රධාන  නගරයක්  ලෙස  සහ  සංචාරකව්‍යාපාරය  සඳහා  අරමුණු  කරගෙන  සිටින  නගරයක්  ලෙසත්,  නිතර  විදේශිකයින්  ගැවසෙන  නගරයක්  ලෙසත්  මෙය  ලජ්ජාවට  කරුණක් බව  කිවයුතුය.  ඒනිසා  මේවා  සඳහා  ප්‍රතිපාදන  නැතැයි  හෝ  වෙනත්  හේතු  පෙන්වා  මග හැරිය  හැකි  ඒවා  නොවන  බවද  පැවසිය  යුතුය.  මන්ද  අනවශ්‍ය  වැඩ  සඳහා  මේ නගරයේ  සමහර  වගකිවයුත්තන්ට  ඕනෑ තරම්  මිල මුදල්  ඇති බව  ජනතාව  දන්නා  කරුණක්  වී  ඇත.

IMG-20190724-WA0002IMG-20190724-WA0005