අප මේගැන මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසූ අතර ඔවුන් ප්‍රකාශකළේ මෙම කානු කපා බට වළලා ඇත්තේ ජලසම්පාදන මණ්ඩලයෙන් නිසා ඒ ගැන එම තාක්ෂණ නිලධාරියාගෙන් විමසිය යුතු බවයි. මේ සඳහා තාක්ෂණ නිලධාරියාගේ අංකයද ඔහුවිසින් ලබාදෙන ලදී. කිහිප වතාවක්ම දුරකථනයෙන් ඔහු සම්බන්ධ කතර ගැනීමට උත්සාහ ගත් නමුත් ඔහුගෙන් පිළිතුරක් ලබාගැනීමට නොහැකිවිය. මීගමුව නගරයේ කෙලින්වීදිය සහ කෲස් පාර මුණගැසෙන මංසන්දිය, දුම්රිය පොලට හැරෙන මංසන්දිය ආදී වශයෙන් ප්‍රධාන මංසන්දි පවතින්නේ මෙම කඩතොළුවූ තත්වයේය. මහජනතාවට පීඩාවක් ගෙනදෙන ආකාරයෙන් මාස 5ක පමණ කාලයක් තිස්සේ මෙසේ පැවතීම පිළිබඳව කිසිදු වගකිවයුත්තෙකු අවධානයදී නැත.
ප්‍රධාන නගරයක් ලෙස සහ සංචාරකව්‍යාපාරය සඳහා අරමුණු කරගෙන සිටින නගරයක් ලෙසත්, නිතර විදේශිකයින් ගැවසෙන නගරයක් ලෙසත් මෙය ලජ්ජාවට කරුණක් බව කිවයුතුය. ඒනිසා මේවා සඳහා ප්‍රතිපාදන නැතැයි හෝ වෙනත් හේතු පෙන්වා මග හැරිය හැකි ඒවා නොවන බවද පැවසිය යුතුය. මන්ද අනවශ්‍ය වැඩ සඳහා මේ නගරයේ සමහර වගකිවයුත්තන්ට ඕනෑ තරම් මිල මුදල් ඇති බව ජනතාව දන්නා කරුණක් වී ඇත.