”නිළ නොවන පොලිසිය” කටුනායකටත් ????

0
113

තමන් ලංකාවේ නිළ නොවන පොලිසිය යැයි හදුන්වාගනු ලබන බොදු බල සේනා නම් වු ආගම් වාදි ජාතිවාදි සංවිධානය ජුනි 30 වනදා කටුනායක ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රිඩාංගනයට රැස්විමට නියමිත බව මේ පළාතේ පෝස්ටර් අලවමින් දන්වා ඇත.
පසුගිය කාලය තුල නිතිය අතට ගනිමින් චීවරයේ ගරුත්වයට පවා හානි පමුණවමින් පිස්සන් රැලක් සේ හැසුරුන මේ නඩය කටුනායක දි නටන්නට යන නාඩගම මොකක්දැයි අප ඉතාමත් අවදියෙන් යුතුව බලා සිටින බව අප කළ විමසුමකට පිළිතුරු සපයමින් මේ පළාතේ බොදුනුවන් පිරිසක් පවසා සිටියහ.
කිතුණුවන් හා මුසල්මානුවන් හා එක්ව සමගියෙන් බොදුනුවන් කල් ගෙවන මේ කලාපයේ ඒ සමගියට බාධාවන කිසිවකට ඉඩ නොතබන්නට නිතිය හා සාමය රකින අදාල බලධාරින් කටයුතු කරතැයි තමන් විශ්වාස කරන බව පවසා සිටියේ මේ කලාපයේ අාගමික සහජිවනය මුලික කොට ලා සලකනු ලබන හිමිනමකි.skull-l