නි. අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නැවතුම්පොළේදී පලතුරු පැල බෙදා දීමක්.

0
63

වර්තමාන ජන බලවේග රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන (Clean Sri Lanka) “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව අද (26/02/2025) පෙරවරුවේදී, මීගමුව බස් නැවතුම්පොළ සමීපයේ පැවත්වු විශේෂිත වැඩසටහනකදී පලතුරු පැල බෙදා දීමක් සිදුකෙරිණි. මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහභාගි වුහ. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ මීගමුව, සමාජවාදී තරුණ සංගමය මගිනි.
මේ අනුව පළතුරු පැළ 650 ක පමණ ප්‍රමාණයක් මීගමුව බස් නැවතුම්පොළට පැමිණ සිටි අය අතරේ බෙදා දෙන ලදී. එලෙසම මෙම වැඩසටහනට සමගාමීව අද උදෑසනදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එක්ව මීගමුව කලපුව පිරිසිදු කිරීමේ සහ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.
මෙම වැඩසටහන පැවැත්වීමේ මූලික අරමුණ පිළිබඳව අදහස් දැක්වූ මීගමුව , සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන සංවිධායිකා මල්ෂානි පෙරේරා මෙනවිය පවසන්නේ සාමූහික පදනමක් තුළ ශක්‍යතාවය නිර්මාණශීලීත්වය ,ආශාව සහිත නවමු අදහස් තුළින් සුපෝෂිත සහ ජව සම්පන්න තාරුණ්‍යයට මංපෙත් විවර කරදීම මෙන්ම සමාජයේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් මෙවැනි ප්‍රජා සේවා ව්‍යාපෘති, පාරිසරික ව්‍යාපෘති, සහ විනෝදය ඇතුළත් වන ක්‍රියාකාරකම් සහිත වැඩසටහන් තම සංගමය මගින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

මීගමුව බස්නැවතුම්පොළට පැමිණි සිටි බොහෝ පිරිසක් ඉතා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් යුතුව මෙම වැඩසටහනට සහභාගි වන ආකාරය දැකගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here