නි.නගරාධිපති දයාන් ලංසාගේ චණ්ඩි වැඩ ගැන නගරාධිපති නිහඩ ඇයි ?

0
151

දයාන් 4නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා මහතා විසින් සිය උවමනාවෙන් වෙනුවෙන් පලාත් පලාන ආයතනයක පිළිපැදිය යුතු කිසිදු පටිපාටියක් අනුගමනය නොකරමින් හිතුවක්කාර ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බැව් වාර්ථාවේ .
නගර සභාවේ වෙනත් මන්ත්‍රිවරුන් සදහා වෙන්ව ඇති දෑ පවා  නිසි අවසරයක් නොලබාම වුව රැගෙන යන බවට මන්ත්‍රිවරුන් අවස්ථා ගණනාවකදිම ප්‍රසිද්ධියේ පවා චෝදනා එල්ල කර ඇති අවස්ථා එමටය.
තමන්ට අයිති විදුලි බුබුලු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් ගෙන ගොස් තිබිම නිසාම එජාප නාගරික මන්ත්‍රිණි රෙමෝනා ලංසා මහත්මිය නගරාධිපතිවරයාගේ නිළකාමරය තුලදි දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා ගැන විවේචනය කර සිටියේය.
එහෙත් ගැටලුව වන්නේ මේ සියල්ල දැක දැකත් නගරාධිපතිවරයා මුනිමත රැකිමයි.
නම සදහන් කිරිමට අකැමැතිවු මන්ත්‍රිවරයෙකු කියා සිටියේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය නිසා දැන් නගර සභාව තුල ආරජික තත්වයක් මතුව ඇති බවය.