නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි – PWJA

0
162

 

Lasantha Wi 2024.01.08

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළාදකින බව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි යැයි කියන එම සංගමය පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, මෙවැනි නිර්දේශයක් කිරීම ගැනද ඔවුන් සිය විරෝධය දක්වා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

එම සැකකරුවන් නිදහස් කිරීම පමණකින් නොනැවතී ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන ලෙසත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ අත්සනින් නිකුත්ව ඇති ලිපිය සම්බන්ධයෙන් බරපතල සැකයක්ද අපට මතුව තිබේ.

ඒ කාලයක් මුළුල්ලේ ආණ්ඩු හැසිරවූ යටි ආණ්ඩු නැවතවරක් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත්ද යන බරපතල සැකය නිසාය.

එසේම මෙය නිදහස්, සත්‍යවාදී මාධ්‍යවේදීට සිදු කළ අනතුරු ඇඟවීමක්ද යන්න පිළිබඳව ද මේ නීතිපති තීන්දුවත් සමඟ නැවත සිතා බැලීමට සිදුව තිබේ.

WhatsApp Image 2025 02 05 at 23.08.29 c4db8ebe WhatsApp Image 2025 02 05 at 23.03.09 46507c41

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here