නීතිය නමන ,මීගමුවේ නාගරික කොමසාරිස්තුමියට වැඩ වරදින ලකුණු ?

0
78

NGB-commisionar-1පළාත් පාලන සේවයේ ගරුත්වයද කෙලෙසමින් නීතියට පිටින් දේශපාලන අධිකාරියට උදව් කරන මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය මේ වන විට බරපතල විවේචනයකට ලක්වෙමින් තිබේ.
දේශපාලන අධිකාරියේ උවමනාවන් වෙනුවෙන් වාසි සහගත වන ඇතැම් ලිපි මෙන්ම ටෙන්ඩර ඉල්ලුම් පත් ඇය ලග සගවා තබාගෙන කල්පසුවු විට ඒවා ඉදිරිපත් කිරිම් පවා කර ඇතැයි මේ වන විට අදාල බලධාරින් හට පැමිණිලිද ලැබෙමින් තිබෙන බව වාර්ථාවේ.
මෙයට අමතරව මහජන බදු මුදල් දේශපාලන අධිකාරියේ වාසි ප්‍රයෝජන සදහා යෙදවිමට නාගරික කොමසාරිස්තුමිය විසින් කටයුතු කරමින් තිබිම මේ වන විටත් ඉහලම රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිළධාරින් වෙත වාර්ථා වෙමින් තිබේ.
මේ පිළිබද විවිධ විමසිම්ද මේ වන විටත් සිදුවෙමින් ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු අන්දමින් දැනගැනිමටද තිබේ.
එබැවින් නාගරික කොමසාරිස්වරිය පවා මේ වන විට කිසියම් තැතිගැන්මකට පත්ව ඇති බවද සැලය.