නීතිය නොදත් පාලකයන් ඉදිරියේ පිණුම් ගැසු බාලාට දැන් මොකද වෙන්නේ ??

0
164

මීගමුව මහනගර සභාවේ මාෆියා කල්ලියේ ප්‍රධානියා වු බාල නම් වු ඉජිනේරුවරයා මෙතෙක් කල් සිය මඩිය තරගැනිම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පාලාත් පාලන නිතියට එරෙහිව වු කටයුත්තකට මහසභා අනුමැතියද රැගෙන තිත තබන්නට නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා කටයුුතු කළේය.එනම් මෙතෙක් කල් ගොඩනැගිලි ඉදිකිරිම් වලදි අවසන් අනුමැතිය ලබාදිම සදහා නාගරික ඉජිනේරුවරයා විසින් සිදුකළ මෙහෙයුම අවසන් කිරිමය.
එය පැහැදිලිව පාළාත් පාලන නිතියට පටහැනිය. නාගරික ඉජිනේරු බාලා මේ වරප්‍රසාදය මීගමුවේ දේශපාලන අධිකාරිය විසින් ලබාදි තිබුනේ තමන් ට අවශ්‍ය සියළු නිතිවිරෝධි වැඩ මේ කප්පම හරහා කර ගන්නටය.
පළාත් පාලන නීතියට අනුව ඒ අනුමැතිය නගරාධිපති හෝ නාගරික කොමසාරිස් විසින් සිදුකළ යුතුව තිබේ.මේ අනුව මින් පසු මේ අත්සන එක්කෝ නාගරික කොමසාරිස් නැතිනම් නගරාධිපති විසින් තබනු ඇත.
බාලා හා කල්ලි ගැසුනු රන්මුතු නම් වු තාක්ෂණික නිළධාරියාද මේ දිනවල සියළු සැලසම් සකසමින් සිටිනේනේ තම දේශපාලන හාම්පුතා හරහා නැවතත් මේ නිළ මුද්‍රා ටික තමන්ගේ මාෆියා පාලනයට නතුකර ගැනිමටය.