නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන වහන්න මීගමුවේ දේශපාලකයන්ට පුළුවන් වෙයිද ?

0
254

massage-centers-in-puneමීගමුව දැන් හතුපිපෙන්නාක් මෙන් මසාජ් හල් ආරම්භ වෙමින් තිබේ.මෙවැන්නක් පවත්වාගෙන සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඇති අතර ඒවා පවත්වාගෙන යාමට දේශිය ආයුර්වේද ආමාත්‍යංශයේ අනුමැතිය අවැසය.
එහෙත් මේ බොහොමයක් සම්භාහන මධ්‍යස්ථාන විවිධ අයථා ක්‍රම මගින් සිය ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බව වාර්ථා වේ.
2016 ජනවාරි මාසයේදි පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි මීගමුව තුල ක්‍රියාත්මක නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන වහාම නවතා දැමිය යුතු යැයි තින්දුවකට පැමිණියද සිදුවෙමින් ඇති ඇත්ත තත්වය නම් දැන් පෙරටත් වඩා එවැනි ස්ථාන හතු පිපෙන්නා සේ ක්‍රියාත්මක වෙමින් ඇති තිබිමය.
පසුගිය දින කිපය තුල මීගමුව රෝහල ඉදිරිපිටද මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙහිදි මතුව ඇති අනෙක් ගැටළුව වන්නේ මීගමුව තුල දේශපාලන බලඅධිකාරයට සම්බන්ධ  මෙවැනි සම්භාහන මධ්‍යස්ථාන රැසක් ක්‍රියාත්මක වෙමින් තිබිමයි.