මීගමුවේ කොටුව පිට්ටනිය අසල උසාවි භූමියේ විශාල නුග ගස් සෙවනේ පවත්වාගෙන යනු ලබන පුංචි විංකලය එහි දිනපතා යනෙන දහස් ගණනකට සේවය සපයයි.
අළුයම පැමිණ සිය පා පැදි දමා බෝට්ටුවෙන් මුහුදු ගොස් දහවලේ මාළුත් අල්ලාගෙන පැමිණි පීටර්ගේ පාපැදියේ හුලං නැති බව දැනගත් විගස ඔහු දිව ආවේ නුග ගහ යට විංකලය වෙතය.
කුඩා යතුරු කිපයක් පමණක් ඇතැතිව සිය වෘත්තිය දස්කම් හැමෝටම පෙනෙන්ට එළිමහනේම වැඩ කරන ඔහුගේ නම කුමක්දැයි මම විමසිමි.
කටකොනකින් සිනා සි ඔහු මට දුන් පිළිතුරෙහි දිගු කතාවක් රැදි ඇතැයි මට සිතුණි.
”මගේ නම රස්තා….”
”කොහොමද විංකල් රස්සාවට බැස්සේ ”
”මම කලින් වැඩ කළේ ගාමන්ට් එකක.. මගේ හොද යාළුවෙක් උන්නා දාම් අදින. මාත් හරි කැමැතියි ඒ සෙල්ලමට. එයාගෙන් තමයි මම විංකල් රස්සාවට සෙට් වුනේ.
මම ඩාන්ස් කරනවා. අපි ඒ කාලේ බ්රේක් ඩාන්ස් ඔනේ එකක් දානවා. සංගිත වලට ගිහින් බේරෙක් අටෑක් දානවා.
යාළුවෝ මාව තකහනියක් මේ සංගිතවලට අරන් යනවා. වෙඩින් වලටත් එහෙමයි.”
විංකල් රස්සාවට කලින් රස්තාට අවැසිව ඇත්තේ ඔහුගේ කලා ජිවිතේ මා හා කියාගන්නටය.
”ඉතින් විංකල් රස්සාව හොදද”??
”අද නම් හරි සවුත්තුයි මාළුත් අඩුයි සෙනඟත් නෑ”…ඔහුගේ පිළිතුරය.
හොදට වැඩ තියෙනවා දාහක් හමාරක් වුනත් හොයාගන්න පුළුවන් ..පැච් එකක් දාගන්න රුපියල් 100 ක් විතර ගන්නවා”
”ඉතින් මේ ආයුධ ටික ඇද්ද”??
”ඇති මහත්තයෝ බකල් අරින වැඩයි ස්පොක් වැඩයි නැතුව ඕන සෙල්ලමක් මේකෙන් දානවා.”
”එතකොට රස්තාගේ ඇත්ත නම මොකද්ද”?
ඔහු පච්ච කොටා ඇති වම් අත පෙන්වයි…
එහි දමිළ බසින් කොටා ඇත්තේ මහේන්ද්‍රන් යන්නයි.
රස්තා යනු ලෝක ව්‍යාප්තව පවතින එක්තරා ජීවන සංස්කෘතිකි. විලාසිතාවකි.
විශේෂයෙන්ම බටහිර පුරා ප්‍රබල ලෙසින් ව්‍යාප්තිව ඇති මේ සංස්කෘතික විලාසිතා ප්‍රජාවට අයත් සමාජිකයන්ගේ සුවිශේෂතා ගොන්නකි.
රස්තා මේ සියල්ල දැන හෝ නොදැන නැටුමට ඇති ලව් එක තුල මේ නම ඔහු විසින්ම තබාගෙන ඇති සෙයකි.
රස්තා නැටුමට කැමැති නිදහස් මිනිසෙකි.
මහේන්ද්‍රටත් වඩා ඔහු රස්තාට කැමතිවන්නේ ඒ නිසාම විය යුතුය.