නුවර මාධ්‍යවේදින්ට ”තොරතුරු දැනගැනිමේ අයිතිය” එපාලු.?

0
126

16තොරතුරැ දැනගැනිමේ අයිතිය නීතිගත කරන ලෙස ඉල්ලා ජුලි 14 වනදා මහනුවර දි අත්සන් තැබුන පෙත්සම ගැන වාර්ථා කිරිම සදහා හෝ එහි අත්සන් තැබිම සදහා නුවර කේන්ද්‍රකොට ගත් ප්‍රාදේශිය මාධ්‍යවේදින් පැමිණ සිටියේ නැත.මේ හේතුව නිසාම මෙම වැදගත් අවස්ථාව රටේ අනෙක් ජනතාව වෙත දැකගැනිමේ අවස්ථාවද අහිමිව ගියේය.
වාර්තා වන අන්දමට මෙම මහජන පෙත්සම සංවිධානය කිරිමට මුල් වු නුවර සමාජ ක්‍රියාකාරින් පිරිසක් හා තිබුණ ගැටළුවක් මේ සදහා හේතුවන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර මේ ඇතැම් මාධ්‍යවේදින් මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය සමගින් ඇතිකරගෙන තිබෙන හොද හිතද මේ ඒ මාධ්‍යවේදින්ට තොරතුරු දැනගැනිමේ අයිතිය එපා  යැයි කියන්නට හේතුවුවාද යන්න ගැන සැක සංකා පහලව තිබේ.
විවිධ සමාජ තරාතිරම් වල අය විසින් මහත් උද්යෝගයකින් දායක වු මෙම පෙත්සමට විදේශිකයන් පවා අත්සන් තබන ලදි.