නෙවිල් ද සිල්වාගේ “සෙංකඩගල සෙල්ලමා” ලඟදීම කරලියට …..

0
199

නෙවිල් ද සිල්වාගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘ සෙංකඩගල සෙල්ලමා’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල  මාර්තු 07සාන්ත නිකලස් ජාත්‍යන්තර විදුහල් ශාලාවේදී පවත්වන ලදී .

මෙහි විශේෂ ආරාධිතයා වූයේ  සාන්ත නිකලස් විදුහලේ අදියුරු ඇන්ටනි ලක්ෂ්මන් පියතුමාය.

නෙවිල් ද සිල්වා කලාකරුවා ගේ කලා කුසලතාවය සහ ඔහු මෙතෙක් ආ ගමන පිළිබඳව විශේෂ සදහන් කළ පියතුමන්මෙම උත්සවයට මෙන්ම නාට්‍යයේ පුහුණුවීම් ආදියටද සාන්ත නිකලස් විදුහල් ශාලාව ලබාදෙමින් ඇන්ටන්  පියතුමන් දක්වා තිබුන දායකත්වයක් ඉතා අගනේය.

 

මෙම නාට්‍යයේ රංගවින්‍යාස කටයුතු භාරව සිටින රංගශිල්පියෙකු වන සමන් තුෂාර මහතාද ,  නාට්‍යයේ නිෂ්පාදන කලමණාකරු වන සිසිර ජයන්ත මහතාද එක්ව සිටි.

මෙම නාට්‍ය පිළිබඳව කදිම විග්‍රහයක් ඉදිරිපත් කරමින් විශේෂ අදහස් දැක්වීම නාට්‍යවේදී ක්වින්ටින් ප්‍රනාන්දු මහතා විසින්ද සිදු කරන ලදී . එසේම හංසනී මධුරප්පෙරුම රංග කලායතනයේ දරුවන් පිරිසක් ඉදිරිපත් කළ නැටුම් සංදර්ශනය උත්සවයට නව පෙනුමක් ලබාදි තිබුනි.

මෙම අවස්ථාව සදහා කලකරුවන්, සමාජ ක්‍රියාකාරින්,මාධ්‍යවේදින්, සිසු දු දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින ලදි.

මෙම මුහුත් උළෙලේ කටයුතු මෙහෙවිම රොයි රුද්‍රිගු මහතා විසින් සිදුකර තිබුණි.

සැම්සන් ඥානසිරි