නෙස්ට් ආයතනයේ මියගිය සේවිකාවට වන්දි නෑ …

0
81

සති කීපයකට පෙර  නෙස්ට් ආයතනයේ කම්කරු සේවිකාවන් හා සේවකයන්ට බරපතල අසාදන තත්ත්වයක් මතුවී රෝහල් ගතකළ අතර එක් සේවිකාවක් මියගියේය.
මෙම සිදුවීමට තුඩු දුන් ආහාර විෂවිම පිළිබදව  ක්‍රියාත්මකව ඇති මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මුන්නක්කරයේ පිහිටි  ආහාර සැපයුම් ආයතනයේ ආහාර සැපයුම නවතා ලිමට නියෝග කරන ලදී.
නෙස්ට් ආයතනය විසින් සිදුවීමෙන් දින කීපයකට පසුත් එම ආයතනයෙන්ම ආහාර ලබාගත් අතර මේ වන විට වාර්තා වන්නේ නෙස්ට් ආයතනය විසින් ආහාර  වෙනත් ආයතනයකින් ලබාගන්නා බවයි.
මිය ගිය සේවිකාවගේ  මරණ ගෙදර වියදම් යම් ප්‍රමාණයක් නෙස්ට් ආයතනය විසින් ලබාදී ඇති අතර ඇයගේ සේවා පාරිතෝෂක දීමනා ද ලබාදී තිබේ.
ආයතනයේ දෝෂයක් හේතුවෙන් මියගිය මෙම 42 හැවිරිදි සේවිකාවගේ මරණය සදහා මේ වනතෙක් වන්දි මුදලක් ලබාදී නැති අතර මේ වෙනුවෙන් මෙතෙක් රජයේ පාර්ශවයෙන්  පරීක්ෂණයක් අරඹා නොමැත.
මේ අතර නිදහස් වෙළද කලාප කම්කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මානව හිමිකම් ක්‍රියාධරයන් පවසා සිටින්නේ මෙසේ මිය ගිය සේවිකාවගේ අයිතිවාසිකම් වෙනුවේන් නීතියේ සහය පතීමට කටයුතු කරගෙන යමින් සිටින බවය.

next 9-9-20144