නෙස්ට් ආයතනය මියගිය සේවිකාවට වන්දි දීම ප්‍රතික්ෂේප කරයි?

0
66

කටුනායක වෙළඳ කලාපයේ පිහිටි නෙස්ට් ආයතනයේ සේවිකාවක් ඊයේ මීගමුව රෝහලේදී මියගිය අතර මෙම සිදුවීමට ආසන්න හේතුව ලෙස ආහාර විෂවීමක් සිදුවී ඇතැයි සැකයක් පවතී. අද දින ආයතනයේ සේවක සේවිකාවන් විසින් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම මියගිය සේවිකාවට වන්දියක් ගෙවන ලෙසත් රෝගී වූ සේවක සේවිකාවන්ට නිාවඩු අනුමත කරමින් ඔවුන්ට ද වන්දියක් ගෙවන ලෙසයි. සේවකයන්ගේ  කිසිදු ඉල්ලීමකට ආයතනයේ බලධාරීන් මෙතෙක් ඇහුම්කන් දී නොමැති අතර, මියගිය සේවිකාවගේ මළගෙදර යාමට පවා නිවාඩු අනුමත කිරීමට ආයතනය විසින් ක්‍රියාත්මක වී නොමැත.නෙස්ට් ආයතනය විසින් මේ වනතෙක් සේවකයන්ට ආහාර සපයන ආයතනයෙන් ආහාර ලබාගැනීම සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදුකර නොමැති නිසා අද පෙරවරුවේදී සේවකයන්  ඒ පිළිබඳව විරෝධය දක්වා තිබේ. ඉන්පසුව බලධාරීන් විසින් ආයතනය වසා දමා ඇති අතර, මියගිය සේවිකාවගේ මරණය හෙට ඇඹීලිපිටියේදී සිදුකිරීමට නියමිතය.
අද පෙරවරුවේදී කම්කරු අයිකිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් වෙලඳ කලාපය තුළ පත්‍රිකාවක් බෙදාහරිමින් සේවක අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර මිය ගිය සේවිකාවට ද සාධාරණ වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඇත.
වාර්තා වන තොරතුරු අනුව වන්දිය කෙසේ වුවත් ඇයට මෙතෙක් ආයතනයේ සුබසාධන සංගමයෙන් ලැබිය යුතු මුදල වත් ලැබී නොමැති බව වාර්තාවේ.
FTZ 1